කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.මේ යටතේ පැමිණි විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා වැඩි කර තිබේ. ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කියයි. මෙම ආගමන හා විගමන කවුළු නවීන තාක්ෂණයෙන් ද සමන්විතයි.මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ ඉදිකර ඇති නව විගමන කවුළු පසුගිය දා ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

කටුනායක ගුවන් තොටුපළේ විගමන කටයුතු සදහා වෙන් වු ප්‍ර දේශය පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, ආගමන කටයුතු සදහා පහසුකම් සහිත නව ප්‍ර දේශයක් වෙන්කිරීම හා තිරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරිමට ද කටයුතු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහි දී කීවේය. නව ආගමන ගුවන් බඩු පර්යන්තයක් ද අදියර කීපයක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ.කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ගුවන් මගීන් මිලියන 06 කි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව මිලියන 10 ක  මගී මෙහෙයුම් සිදුකරනු ලබයි. ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ වාර්ෂික ගුවන් මගීන් ධාරිතාව මිලියන 15 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද ඇමතිවරයා කියයි. පවතින මගී පර්යන්තයන්හි මගී ධාරිතාව වැඩි කිරීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

ගුවන් තොටුපළේ රැදී සිටින කාලය තුළ විවේකාගාර පහසුකම් ඉල්ලා සිටින මගීන්ට එම සේවාව ලබා දීම සදහා දැනට ඇති විවේකාගාර අදියර කිපයක් යටතේ නවීකරණයට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

 WhatsApp Image 2021 06 22 at 13.45.55 3 WhatsApp Image 2021 06 22 at 13.45.55 5 

News - Tourism

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Upcoming Events

Exit
District