• කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසේ...
  • අදියර දෙකක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි....වැයකරන මුදල රුපියල් මිලියන 600ක්...
  • ගුවන් තොටුපළ දැනට පවතින මගී පර්යන්ත ගොඩනැගිල්ලත් ප්‍රතිව්‍යුහගත කෙරේ...

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණයි. ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අදියර 1 යටතේ ඇවරිවත්ත හංදියේ සිට ආයෝජන මණ්ඩල ප්‍ර වේශය දක්වා මිටර් 660 ක් දිග මංතීරු හතරක ද්විත්ව මාර්ගයක් ඉදිකෙරේ. එහි ඉදිකිරිම් මේ වනවිටත් අවසන්ව තිබේ. ඊට සමගාමීව ඇවරිවත්ත මංසන්ධිය සංවර්ධනය කිරිමට ද අපේක්ෂිතයි. අදියර 2 යටතේ  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් අවශ්‍ය ඇළ මාර්ග ඉදිකිරිම හා ආයෝජන මණ්ඩල පිවිසුමේ සිට මිනුවන්ගොඩ දෙසට මිටර් 1050 දිග මංතීරු හතරකින් යුතු ද්විත්ව මාර්ගයක් ඉදි කෙරේ. සමස්ථ ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600කි. කටුනායක ගුවන්තොටුපළේ සියලු පැමිණිම් හා පිටවීමේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක පරික්ෂාවෙන් පසු ගුවන් තොටුපළට ඇතුළුවීමට හැකියාව ලැබෙන අතර පැමිණිමේ හා පිටවීමේ පර්යන්ත වලට ප්‍ර වේශ විය යුතු ආකාරය ඇතුලත් සංඥා පුවරු සවි කිරිමට ද පියවර ගෙන ඇත.

මගී පහසුව සදහා ගුවන් තොටුපළේ දැනට පවතින මගී පර්යන්ත ගොඩනැගිල්ල ප්‍රතිව්‍යුහගත කිරිමට හා ප්‍රතිසංස්කරණය කිරිමට ද පියවර ගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉක්මවිමේ ගැටළුවට විසදුමක් ලෙස එම පියවර ගෙන තිබේ. ඒ අනුව මගී පර්යන්ත ගොඩනැගිල්ලේ විගමන ප්‍ර දේශයේ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට කටයුතු කෙරිණ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 430කි. මේ යටතේ  ආගමන විගමන ප්‍ර දේශයේ ඉහළ මාලයට මාරු කෙරෙන අතර අතිරේක ආගමන කවුන්ටර් 04 ක්, අතිරේක ඇතුල්වීමේ කවුන්ටර් 05 එස්කැලේටර් දෙකක්, සෝපානයක් හා නව පඩිපෙළක් සහ අමතර ඉඩකඩ, ආපනශාලා හා සනිපාරක්ෂක පහසුකම් ද එක් කිරිමට නියමිතයි. ඇමතිවරයා පවසන්නේ මෙම ඉදිකිරිම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි. මේ වසර තුළ ව්‍යාපෘතිය අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ මිලියන 06 ක් වන වාර්ෂික මගී ධාරිතාව මේ වන විට මිලියන 10 ඉක්මවා ඇති අතර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යපෘතිය අවසන් වීමෙන් පසු එම ධාරිතාව මිලියන 15 ක් දක්වා ඉහළ යනු ඇත. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. නියමිත කාලසීමාවන් වලදී එම කටයුුතු අවසන් කිරිම සදහා අදාළ අංශවෙත උපදෙස් දි ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටි.

News - Tourism

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading
Exit
District