මාර්තු 27 වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කෙරෙන ගුවන් සමාගම් වලට සහන....ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකෙරේ.... කැබිනට් යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් ළ බව සංචාරක ඇමති කියයි...

රත්මලාන ගුවන් තොටුපළෙන් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරනු ලබන ගුවන් සමාගම් සදහා  සහන ලබාදීමට රජය සුදානම් වේ. ඒ අනුව එම ගුවන් සමාගම් වලින් අය කරන ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ මස 27 වන දින සිට වසරක කාලයක් සදහා එය ක්‍රියාත්මකයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කළ බව ද  සංචාරක ඇමතිවරයා කියා සිටි.

වසර 55කට පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මේ මස 27 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රි ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් වන FITS AIR සමාගම මේ සදහා දැනටමත් එකගතාවය පළ කර ඇතැයි ඇමතිවරයා කියයි. මීට පෙර රත්මලාන ගුවන් තොටුපළේ අපගමන බද්ද 2020 ඔක්තෝම්බර් 01 වන දින සිට ද වසරක කාලයක් සදහා 50%කින්  අඩු කෙරිණ. නව යෝජනාවට අනුව මේ මස 27 වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත  ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අඩු වියදම් ගුවන් ගමන් සදහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරිමට සැලසුම් කර තිබේ.. මෙවැනි ප්‍රාදේශීය මෙහෙයුම් සදහා එම ගුවන් තොටුපළේ ඇති ශක්‍යතාව ද හදුනාගෙන ඇති බවත් ඒ සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සිය අරමුදල් යොදවා ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.  එමෙන්ම රත්මලාන ගුවන් තොටුපළ ප්‍රා දේශීය ගමනාන්තයක් සදහා සේවා සපයන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත් වසර 55 කට පසු මාලදිවයින සදහා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට රජය කටයුතු කරන්නේ ඒ අනුව බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. නැවත කළාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය කෙරෙන අතර එය ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමකි.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා තිබේ. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

News - Tourism

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Upcoming Events

Exit
District