test

  • මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මනා 25 ක් ස්ථාපිත කෙරේ...
  • එක් ගමකට රුපියල් ලක්ෂ 100ක්...

 

මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මාන 25 ක් ස්ථාපිත කෙරේ. සංචාරක ආකර්ශනිය ස්ථාන ආශ්‍රිත ගම්මානවල වෙසෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලිම අරමුණයි. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධනය හා ඌණ උපයෝජන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. සෞභාග්‍යයා ගම්මාන ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එක් සංචාරක ගමනාන්ත ගම්මානයක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100 කි.

මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීම. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජිත රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඒකාබද්ධව සිදු කෙරේ. මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීමේ දි විවිධ සංචාරක ක්ෂේත්‍ර ආවරණය වන සංචාරක ආකර්ෂණීය ස්ථාන සහිත ගම්මාන ඒ සදහා තෝරා ගැනීමට නියමිතයි.

මේ බව අනාවරණය වුයේ මෙම සංචාරක ගමනාන්ත ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම පිළිබද ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවති විශේෂ සාකච්ඡාවකදීයි. සංචාරක අමාත්‍යාංශයේ දි මෙම සාකච්ඡාව පැවැත්විණි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කියා සිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ එම කර්මාන්තය ආශ්‍රිතව ස්වයං රැකියාවේ යෙදෙනන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා බෙදියාමට සැලැස්විම රජයේ අරමුණ බවයි. ඒ සදහා මෙම සංචාරක ගමනාන්ත ගම්මාන වැඩසටහන ඉවහල් වන බව ද ඇමතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන පරිදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා මෙවැනි ජනතා සහභාගිත්වය සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණිය කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සෞභාග්‍ය යා ගම්මාන ව්‍යාපෘති අධ්‍යක්ෂක නිලන්ත වික්‍රමසිංහ යන මහත්ම මහත්මිහු සහභාගී වුහ.

sancharak gamanantha

Exit

 Draft National Policy on Tourism for Sri Lanka 

english copy

code

News - Tourism

University of Colombo unites for a Landmark Celebration of UN World Tourism Day 2025

‘Sri Lankan Ayurveda Evening’ in Luxembourg

Sri Lanka Embassy in Brussels and ‘Karunakarala Ayurveda Resort’ in Waikkal Sri Lanka, in collaboration with the Union Luxembourgeoise de Tourisme (ULT) in Luxembourg, organized ‘Sri Lanka Ayurveda Evening’ on 2nd July 2025 at Goeres Hotel in Luxembo

Continue Reading

Upcoming Events

Exit
District