ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ඉදිකිරීම් බාරව කටයුතු කරන්නේ නාවික හමුදාවයි. නාවික සෙබළුන් 70 ක් පමණ මේ වන විට අදාළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සදහා යොදවා තිබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් සභාව මෙහි මුලික ඉදිකිරිම් සදහා රුපියල් මිලියන 10 ක් වෙන් කර තිබේ. ඉදිකිරීම් සදහා  අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති, යකඩ බට, කම්බි හා වෙනත් භාණ්ඩ දානපතින්ගෙන් ලබා ගැනීමට ද අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා කියයි. දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබාදීමේ ව්‍යාපෘති යටතේ මෙම අතරමැදි රෝහලට අවශ්‍ය ඇදන් 2000 ලබා දීමට ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ මහතා එකග වී තිබේ.

මෙම අතරමැදි රෝහල් ඉදිකිරීම් කටයුතු පසුගිය සිකුරාදා (07) අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු නිරීක්ෂණය කළහ. මෙහිදී ඇමති නාමල් රාජපක්ෂ ඇමතිවරයාට කීවේ ඉතා ඉක්මණින් මෙම රෝහල ඉදිකර සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බවයි. ඉදිකිරීම් භාරව සිටින නාවික හමුදාව මේ සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි සදහන් කරන බවද ඔහු කීවේය. මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීම සදහා යෞවන සමාජ තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාදීමට හැකි බව කී ඇමති නාමල් රාජපක්ෂ මහතා ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධානවල ද සහාය ලබා දෙන බව කීවේය.

දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය  පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙල යටතේ නයිවල වේයන්ගොඩ ප්‍රදේශයේ ඇදන් සකස් කෙරෙන ආකාරය නිරීක්ෂණයට ද ඇමතිවරු දෙදෙනා සහභාගී වූහ.

WhatsApp Image 2021 05 09 at 11.02.05
WhatsApp Image 2021 05 09 at 11.02.05 1

News - Tourism

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading
Exit
District