දිවයින පුරා සංචාරණ සීමා පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සැකසේ. එය සම්බන්ධිකරණය සදහා රජය විසින් අමාත්‍ය කමිටුවක් ද පත් කර තිබේ. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ අග්‍රමාත්‍ය ලේකම් ඇතුළු නිළධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විතයි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම කමිටුව පත් කර තිබේ. සංචරණ සීමා පණාවා ඇති කාල සීමා වල දී අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය, එළවලු, පළතුරු වැනි නිෂ්පාදන, ධිවර නිෂ්පාදන ග්‍රාමීය මට්ටමින් බෙදාහැරීම සම්බන්ධිකරණය මෙම කමිටුවට පැවරේ.

සංචාරක ඇමති ප්‍රසන්න රනතුංග මහතා සදහන් කළේ දැනටමත් සියලුම  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ ප්‍රා දේශීය ලේකම්වරු හරහා සංචාරණ සීමා පවතින කාලය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව අත්‍යවශ්‍යය ආහාර සහ අනෙකුත් භාණ්ඩ බෙදාහැරීම සදහා  වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. ඒ අනුව හදුනාගත් අත්‍යවශ්‍යය සේවා සපයන්නන් සදහා අවසර ලබා දී ඇතැයි ද ඔහු සදහන් කරයි. නුවරඑළිය කැප්පෙටිපොළ හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන එළවලු මිලදී ගැනීම හා බෙදාහැරිම සදහා යාන්ත්‍රණයක් සකස් කිරීමට ද කටයුතු යොදා ඇත. එහි වගකීම විෂයභාර අමාත්‍යවරුන්ට පවරා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

 ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මෙලෙස අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා සැපයීම සදහ බලපත්‍ර 4,870 ක් නිකුත් කර තිබේ. ඖෂධ, බේකරි නිෂ්පාදන, එළවලු, පළතුරු, මස්, මාළු නිෂ්පාදන, සිල්ලර භාණ්ඩ සැපයීම වෙනුවෙන් මෙම බලපත්‍ර ලබා දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. අදාළ බලපත්‍රලාභින් අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ දී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය වෙයි. ඒ පිළිබද ව දැඩි පරීක්ෂාවකින් කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

News - Tourism

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading
Exit
District