මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී පැවසීය. මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී පැවසීය.  සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක අමාත්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීම සිදුකෙරේ. 
ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් මස තුන්‍වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇත. 
එසේම දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් මෙරරටට පැමිණෙයි.  
දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු  පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සිය අරමුණ වි ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය

News - Tourism

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading
Exit
District