කොව්ඩ් වසංගතය තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකා රජය අඛණ්ඩව රටේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම පිළිබඳව ජපානය සිය ප්‍රසාදය පල කරයි. ශ්‍රී ලංකාවේ ජපාන නව තානාපති Mizukoshi Hideaki මහතා පවසන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට ජපානය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බවයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමඟ  පසුගියදා (22) පැවති විශේෂ සාකච්ඡාවකදී ජපන් නව තානාපතිවරයා මේ බව සඳහන් කලේය. හමුව සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

ජපන් රජයේ සහයෙන් කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කටුනායක ගුවන්තොටුපල පුලුල් කිරීමේ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සිය ප්‍රසාදය පල කල ජපාන තානාපතිවරයා කොවිඩ් වසංගත තත්ත්වය බාධාවක් කර නොගනිමින් එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පල කලේය. ශ්‍රී ලංකාව හා ජපානය අතර සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටද එකඟත්වය පල කල ජපන් නව තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ආයෝජනයට ජපන් ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන බවයි.

ජපන් සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් ඒ සඳහා ජපානය තුල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙරට කොවිඩ් එන්නත්කරන වැඩපිලිවෙල සම්බන්ධයෙන් තානාපතිවරයාට කරුණු පැහැදිලි කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත මේ වන විට රටේ ජනතාවගෙන් 90% ක් පමණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇති බවයි. මේ නිසා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට හෝ ආයෝජනයට බිය විය යුතු නැතැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Katsuki Kataro, පලමු ලේකම් හා ආර්ථික අංශ ප්‍රධානි Hoshiai Chibaru, දෙවන ලේකම් Muraleami Takashi, ගුවන්තොටුපල හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සංචාරක අමාත්‍යංශ අතිරේක ලේකම් දීපා සන්නසූරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රමික මේජර් ජෙනරාල්  ජී.ඒ. චන්ද්‍රසිරි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

a487e5de 92b9 4c10 adac 7b01e0f9fd02

News - Tourism

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading
Exit
District