මඩකලපුව ගුවන්තොටුපළ  පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස  කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එම ගුවන්තොටුපළ  නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අමාත්‍යවරයා  නැගෙනහිර පළාත සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මඩකලපුව ගුවන්තොටුපළ සංචාරකයින්ට ආකර්ෂණීය ගමන් මාධ්‍යයක් ලෙස සකස් කළ යුතු බව ද පැවසීය.

1958 වසරේදී ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු මඩකලපුව ගුවන්තොටුපළ 1983දී  ගුවන් හමුදාවට භාර දුන්නේ ය .ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී (2012)  මඩකලපුව ගුවන්තොටුපොළේ ධාවන පථය වැඩිදියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක කිරීම ඇරඹිණි.

2018 වසරේ දී වසරේදී ගුවන් මගීන් 3980ක්, 2019 යෙදී  ගුවන් මගීන් 3373ක්, හා 2020දි කොරෝනා වසංගතය තත්වය යටතේත් ගුවන් මගීන් 723 ක් මඩකලපුව ගුවන් තොටුපලෙන් සේවය ලබාගෙන ඇත.

2018 වසරේ වසරේදී ගුවන් මෙහෙයුම් 1180ක්, 2019 වසරේ දී ගුවන් මෙහෙයුම් 864 ක් හා 2020 දී ගුවන් මෙහෙයුම්  174 ක් සිදුකර ඇත. අක්කර තුන්සිය 48 ක තුන්සිය 48ක භූමියකින් යුක්ත  මඩකලපුව ගුවන්තොටුපළේ මේක 1368 ක දිගින් සහ මීටර් 30 ක පළලින් යුක්ත ධාවන පථයක් තිබේ. මෙම ගුවන් තොටුපොළ ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි  තත්වයේ පවතින ගුවන්තොටුපලකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා " නැගෙනහිර පළාතේ  සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී  මඩකලපුව ගුවන්තොටුපළේ අවශ්‍යතාවය  දැනෙනවා. ඒ නිසා මඩකලපුව ගුවන්තොටුපළ සංචාරක ව්‍යාපාරයට ගැලපෙන පරිදි දියුණු කරන්න ඕනේ.

මඩකලපුව ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ගැසට් කර වසර ගණනාවක් ගෙවුනත්  ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අඩු තරමේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වත් වර්ධනය වෙලා නෑ. ඉදිරි වසර දෙක තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වර්ධනය  කර මේ ගුවන්තොටුපල  දියුණු කරනවා.

ඒ සඳහා සුදුසු සැලසුමක් සකස් කරන්නත්, ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලයිස්තුගත කරන්නත් උපදෙස් දුන්නා. ඒවා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා සමග සාකච්ඡා කරලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා.

නැගෙනහිර පළාතට එන සංචාරකයින් වැඩි දින ගණනක් නැගෙනහිර පළාතේ රැඳී සිටින ආකාරයේ පරිසරයක්  අපි සකස් කරනවා. " පැවසීය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා " උතුරු නැගෙනහිර පළාත යුද්ධයට මැදි වෙලා තිබුණා. ඒ කාලේ මෙහෙ දරුවෝ සයනයිට් කරල කරේ එල්ලගෙන හිටියේ.යුද්ධයෙන් පස්සේ ඒ දරුවන්ට පාසල් යන්න සුදුසු වාතාවරනය හදලා, උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වගේ ව්‍යාපෘති මගින් මේ පළාත් සංවර්ධනය කළේ බැසිල් රාජපක්ෂයි. යහපාලනය කාලයේ ඒ කිසි දෙයක් මෙහෙට වුණේ නෑ. අපේ රජයක් යටතේ මුළු රටටම එක වගේ සලකනවා" යි පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය  ඩි.වි.චානක, එස්.වියලේන්ද්‍රන්,  සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහත්වරුන්ද ඇතුළු පිරිසක් ද එක් වූහ.

WhatsApp Image 2021 07 01 at 12.11.18

 

සංචාරක පුවත්

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය