ආගමන විගමන පහසුකම් පුළුල් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අලුතින් ඉදිකළ විගමන පියස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙරවරුවේ මහජන අයිතියට පත්කෙරිණි.

නිගමන කවුළු 23ක් සහිතව ඉදිකෙරුණු මෙම  නව විගමන පියස ඉදිකිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට  රුපියල් මිලියන 430 ක මුදලක් වැයවී ඇත.මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපොළේ පළමු පර්යන්තය සම්පූර්ණයෙන්ම නවීකරණය වී ඇත. ද්විත්ව  උසකින් යුත් ඉඩකඩ සහිත පිටත්වීමේ මගී පර්යන්තය සඳහා වෙන් වූ පෙදෙස, නව වායු සමීකරණ පද්ධතිය, දුරකථන හා දත්ත උපාංග ස්ථාපනය , දැනට පවතින පිටත් වීමේ පර්යන්තය ප්‍රභූන් සඳහා වෙන් වූ ප්‍රදේශයට පුළුල් කිරීම, අමතර තට්ටු තුනකින් සමන්විත වන ලෙස එස්කැලේටර් 2ක්, විදුලි සෝපානයක්, නව පියගැටපෙළක් සහ ඉහළ මහලේ අමතරව පිරික්සුම් කවුළු පහක් සහිතව ගුවන් මගීන්ගේ මලු හසුරුවාලීම පහසුකම්  පුළුල් කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරිණි.

නව විගමන හා බුද්ධි අංශ කාර්යාල පරිශ්‍රයද නවීනතම පහසුකම් සහිතව ඉදිකර තිබේ.2025 වර්ෂය වන විට වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 20ක් සේවය ලබාගන්නා, තරගකාරී ආරක්ෂක ගුවන් සේවාවක් සැපයීම සඳහා හොඳම භාවිතයන් සහ අති නවීන තාක්ෂණයෙන් යුත් ආගන්තුක සත්කාර සපයන ගුවන් තොටුපළක් ලෙස  කටුනායක ගුවන්තොටුපල පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ක්‍රියාත්මක කෙරෙන මෙම ගුවන්තොටුපල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍යය උපදෙස් අනුව පැවති මෙම විවෘත කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි,උප සභාපති රජිව් සූරියාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2021 07 15 at 10.08.54 1

 

 

WhatsApp Image 2021 07 15 at 10.08.54

සංචාරක පුවත්

Sri Lanka Shines at Luxperience 2025 in Sydney – Over 1,000 Successful Meetings Highlight Rising Demand from Australian Market

Sri Lanka Tourism proudly showcased its vibrant offerings at Luxperience 2025, one of the most prestigious luxury travel trade events in the Asia-Pacific region, held from 7th to 10th October 2025 at the International Convention Centre (ICC), Sydney.

Continue Reading

Country Promotion for Destination Weddings -India

Sri Lanka Tourism successfully concluded it’s first-ever Destination Weddings Promotion in India, positioning the island as one of the most enchanting wedding destinations for Indian couples. The campaign was held across three key cities – Mumbai, Ah

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය