එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ.

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර රුසියාවේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි Aeroflot ගුවන් සමාගම් මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමේ අරමුනැතිව ලොව පුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය  කටයුතු යොදා ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡා පැවැත්වෙන අතර   රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති මෙම සාකච්ඡාව එම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ මූලාරම්භයයි.

රුසියානු aerofloat ගුවන් සමාගම  සැප්තැම්බර් පළමුවැනිදා සිට  ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව එය කල් දමා තිබිණි.  අද පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව  අනුව එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිට  රුසියාව හා ශ්‍රි ලංකාව අතර  එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කෙරින. මුල් අවධියේදී රුසියාවේ සිට සතියකට ගුවන්ගමන්  වාර දෙක බැගින්  මෙරටට පැමිණීමට ද එම සාකච්ඡාවලදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්  මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ එරොෆ්ලොට් ගුවන් සමාගමේ  නිලධාරීන් අගය කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව අනාගතයේදී  සෞඛ්‍යාරක්ෂිත  ගමනාන්තයක් ලෙසත් ශ්‍රී ලංකාව හදුන්වාදිය හැකි බව  ඔවුහු සදහන් කළහ.

මේ වන විට මෙරට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ අතර ගුවන් යානයක පැමිණිය හැකි පුද්ගලයින් ප්‍රමාණය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳවද සාකච්ඡා විය.

සංචාරකයින් සඳහා එවැනි සීමාවක් නැති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය.

 කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා නැවත විවෘත කෙරුණේ පසුගිය ජනවාරි විසි එක් වෙනිදා යි .පසුගිය කාලය තුළ රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය වී ඇති අතර එළඹෙන 4 වෙනිදා සිට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මීට වඩා වර්ධනය විය හැකි බවට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරයි.

මෙම සාකච්ඡා සඳහා එරොෆ්ලොට් ගුවන් සමාගම නියෝජනය කරමින් Igor chernyshiv, ivon g. Batanov, anton p. myagkovNatalya R.  Teimuazova සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි,  ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ අමාත්‍යාංශ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ උපදේශක සම්බන්ධීකාරක නිමේශ් හේරත් සහභාගී වූහ.

WhatsApp Image 2021 09 03 at 6.00.48 PM

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය