මඩකලපුව ගුවන් තොටුපළ දෙස් විදෙස් සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

එහි පළමු වැඩසටහන පසුගිය දා ක්‍රියාත්මක කෙරිණ. Joy Rides යනු ගුවන්තොටුපළ ආශ්‍රිත අහසේ මගීන් රැගෙන කෙටි කාලයක් ගුවනේ සැරසැරීමයි. ඒ අනුව පසුගිය සතියේ ගුවන් යානා 03 ක මගීන් 36 දෙනෙකු මෙම සංචාරය සදහා එක් වු අතර මඩකලපුව ගුවන් තොටුපළ ආශ්‍රිත අහසේ පැය භාගයක පමණ කාලයක් ඔවුහු සංචාරය කළහ.

මඩකලපුව ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට ද රජය සැලසුම් කර තිබේ. මෙම ජෝයි රයිඩ්ස් සංකල්පය ක්‍රියාත්මක කෙරුණේ එහි ආරම්භයක් ලෙසය. දැනට මඩකලපුව ගුවන් තොටුපළේ ක්‍රියාත්මක මෙම ගුවන් සංචාර ඉදිරියේ දී රත්මලාන හා යාපනය ගුවන් තොටුපළ ආශ්‍රිතව ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

1958 වසරේ දී ගුවන්සේවා දෙපාර්තුමේන්තුව යටතේ ආරම්භ වු මඩකලපුව ගුවන් තොටුපළ 1983 දි ගුවන් හමුදාවට භාර දුන්නේය. ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී (2012) මඩකලපුව ගුවන් තොටුපළේ ධාවන පථය වැඩි දියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක කෙරිණ.

2018 වසරේ දී ගුවන් මෙහෙයුම් 1180 ක් 2019 වසරේ දි ගුවන් මෙහෙයුම් 864 ක් හා 2020 වසරේ දී කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ද ගුවන් මෙහෙයුම් 174 ක් සිදුකර ඇත. අක්කර 348 ක භූමි භාගයක් සහිත මඩකලපුව ගුවන් තොටුපළ තුළ මීටර් 1368 ක දිගින් හා මීටර් 30 ක පළලින් යුත් ගුවන් ධාවන පථයක් තිබේ. ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් මෙම ගුවන් තොටුපළේ සිදු කළ හැකිය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය