කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගි තදබදය අවම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 17 වන දින සිට ගුවන් තොටුපළ හා සෞඛ්‍ය බළධාරීන් එක්ව විශේෂ පියවර රැසක් ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන වීට කටුනායක ගුවන්තොටුපළ හරහා දෛනිකව සංචාරකයන් ඇතුළු ගුවන් මගීන් විශාල පිරිසක් මෙරටට පැමිණේ. එලෙස පැමීණෙන ගුවන් මගීන්ගෙන් සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ දි ප්‍රමාදයක් සිදුවන බවට පැමිණීලි ලැබී තිබු අතර ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව 17 වන දින කටුනායක ගුවන් තොටුපළේ දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහාතගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන, ආගමන විගමන පාලක, රේගු බළධාරීන් මෙන්ම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන් තොටුපළ බළධාරීන් සහභාගී වුහ.

 එහි දි අනාවරණය වුණේ වැඩි වශයෙන් ගුවන් යානා පැමිණෙන කාර්යබහුල කාලයේ දි සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ කවුළු ආශ්‍රිත ව විශාල මගී තදබදයක් ඇතිවන බවයි. ප්‍රමාණවත් තරම් නිළධාරින් ඒ සදහා සෞඛ්‍ය බළධාරින් විසින් යොදවා නොතිබීම ඊට හේතුව බව ද මෙහි දි අනාවරණය විය. මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කීවේ තවත් නොබෝදිනකින් අලුතින් සේවයට එක්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 30දෙනෙකු ගුවන් තොටුපළ සේවයට යොදවන බවයි. එතෙක් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු යොදවා මෙම කාර්යය සිදු කිරිමට ද මෙහි දි තීරණය කෙරිණ. ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන පුර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වු සංචාරකයන් ඇතුළු ගුවන් මගින්ගේ සෞඛ්‍ය ප්‍රකාශ පරීක්ෂා කිරිමට වෙනම කවුළු කීපයක් හා සෙසු ගුවන් මගීන්ට වෙනම කවුළු කිපයක් හදුන්වා දීමට ද මෙහි දී තීරණය විය.

මේ වන විට කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන සංචාරකයන් ඇතුළු ගුවන් මගීන්ට සිය සෞඛ්‍ය ප්‍රකාශ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කිරීමට ද ගුවන්තොටුපළ බළධාරීන් අවශ්‍ය පහසුකම් සලසා තිබේ. ගුවන්තොටුපළ වෙබ් පිටුවට පිවිසීමෙන් එම සෞඛ්‍ය ප්‍රකාශය සම්පූර්ණ කළ හැකිය. එලෙස එම ප්‍රකාශ සම්පුර්ණ කර පැමිණෙන ගුවන් මගින්ට  ප්‍රමාදයකින් තොරව ගුවන් තොටුපළින් පිටත්ව යාමට හැකිවන බවද, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

සාකච්ඡාවෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස ගුවන් මගීන් මෙරටට පැමිණෙන අවස්ථාවේ දි එම සෞඛ්‍ය ප්‍රකාශ ලබාගන්නා කවුළු වල ක්‍රියාකරීත්වය පරික්ෂා කළ අතර පැය දෙකකට ආසන්න කාලයක් එහි රැදි සිටිමින් කඩිනමින් සිදු කළ යුතු වෙනස්කම් ඒ මොහොතේම සිදු කිරිමට පියවර ගන්නා අයුරු ද දක්නට ලැබිණ.

කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරිමත් සමග දෛනිකව කටුනායක ගුවන්තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබේ. දෛනිකව ගුවන් මගී මෙහෙයුම් 12,000 ක්පමණ ගුවන් තොටුපළ තුළ සිදුවෙයි. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 746,085 ක් සිදුව තිබේ. ඉන් 409,496ක් පැමිණීම් වන අතර 336,589 ක් පිටව යාම් වේ.

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී ධාරිතාව වාර්ෂිකව මිලියන 6 කි. කොවිඩ් වසංගතය පැමීණීමට පෙර එහි වාර්ෂිකව ගුවන් මගි මෙහෙයුම් සංඛයාව මිලියන 10 ඉක්මවා තිබිණ. මේ වන විට ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අවසන් විමෙන් පසු එහි මගි මෙහෙයුම් වාර්ෂිකව මිලියන 15 දක්වා ඉහළ දැමීමට හැකි බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අනාවරණය කළේය.

a1d19385 031d 47d6 9cc0 fd82a6875fb3

සංචාරක පුවත්

Sri Lanka Tourism Expands Its Presence in the South Korean Market Through the Successful Busan Mega Roadshow 2026

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Signiel Hotel Busan, reaffirming Sri Lanka's commitmen

Continue Reading

Sri Lanka’s Participation at the Let’s Travel International Tourism Forum 2026, Moscow, Russian Federation

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) successfully participated in the 6th Let’s Travel International Tourism Forum (ITF) 2026, held from 10–14 June at the VDNH Exhibition Complex in Moscow, the largest outdoor exhibition venue in the city.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය