ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට යයි. දෙරට අතර සෘජු ගුවන් මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරිම මෙහි අරමුණයි. මෙමගින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සංචාරක, අධ්‍යාපන, වෙළද, ආයෝජන, කෘෂිකාර්මික හා සංස්කෘතික සබදතා තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරිම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කළ බව ඇමතිවරයා කියා සිටි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් කිරිමට සැලසුම් කර තිබේ.

වර්ෂ 1944 දි අත්සන් කරනු ලද චිකාගෝ සම්මුතියට අනුව රාජ්‍යයක් දෙකක් හෝ කිපයක් අතර ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සේවා පවත්වාගෙන යාම සදහා ගුවන්සවො ගිවිසුම්වලට එළඹීම අනිවාර්යය වේ. මේ වන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ලියාපදිංචි රාජ්‍යයන් ගණන 193 කි. එම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළඹීමෙන් අවශ්‍ය අවස්ථාවල ගුවන් සේවා කටයුතු වල නියැලීමට හැකිවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තානාපති සබදතා ආරම්භ වි ඇත්තේ 1951 වසරේ සිටයි. සතියකට ශ්‍රී ලංකාව හා නෙදර්ලත්නය අතර ගුවන් ගමන් වාර 14 ක් ක්‍රියාත්මක කිරිමට මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවල දි තීරණය කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා නෙදරුලන්තයේ KLM Royal Dutch ගුවන් සේවාව මේ සදහා යොදවා ගැනීමට ද සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය