• කොවිඩ් නව සාමාන්‍ය කරණය යටතේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු කාර්යක්ෂම කිරිමට අදාළ සියලු ආයතන වලින් සමන්විත කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක්...
  • කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමේ සැලසුම්...
  • ගුවන් මගීන්ට සිදුවන බාධා අවම කිරීමට ගුවන් තොටුපළේ සියලු ආයතන වල ඉහළ නිළධාරින්ගෙන් සමන්විත කළමණාකරණ කමිටුවක්...

කොවිඩ් නව සාමාන්‍ය කරණය යටතේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසෙයි. ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය  හා සංචාරක අංශ එක්ව මෙම ඒකාබද්ධ වැඩපිලිවල වහාම ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපලේදි සංචාරකයන් හා විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන්ට සිදුවන බාධාවන් අවම කිරීම මෙහි අරමුණයි.

කොවිඩ් වසංගතයත් සමග රට තුළ ක්‍රියාත්මක නව සාමාන්‍ය කරණය වැඩපිළිවෙල යටතේ කටුනායක ගුවන්තොටුපලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වින. මේ සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගුවන්තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  ඩී.වී.චානක විදේශ රැකියා රාජ්‍ය  අමාත්‍ය  ප්‍රියංකර ජයරත්න යන මහත්වරු සහභාගී වූ අතර ඊට අමතරව ගුවන්තොටුපල ආගමන විගමන, රේගුව,සෞඛ්‍ය  හා සංචාරක යන අංශ වල ප්‍රධානීන් එක්ව සිටියහ.

මෙහි දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ගුවන්තොටුපළ තුළ ඇති සියලු අංශ නිසි සම්බන්ධිකරණයකින් කටයුතු කිරීමෙන් ගුවන් මගින්ට සිදුවන බාධාවන් අවම කර ගත හැකි බවයි. ඒ සදහා ගුවන් තොටුපළ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමණාකරණ කමිටුවක් රැස් ව එම ගැටළු විසදීමට කටයුතු කළ යුතු බව ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන්තොටුපලේ ආගමන විගමන කවුළු වලදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් මෙහිදී මුලින්ම අවධානය යොමු විය. ගුවන්තොටුපල කාර්යබහුල අවස්ථාවන්හිදී අදාල නිළධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට ආගමන විගමන පාලකවරයා මෙහිදී එකඟත්වය පලකලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී යෝජනා කලේ සංචාරකයන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් හා විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ ආගමන විගමන කවුළු හඳුන්වා දියයුතු බවයි. ඊට ආගමන විගමන නිලධාරීන් ද එකඟත්වය පල කලහ. පැමිණීම් පර්යන්තයේ ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා වැඩි කිරීමට ද විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා ද වැඩි කිරීමට ඒ සදහා නවීන තාක්ෂණය හදුන්වා දිමටත් පසුගිය දා කටයුතු කෙරිණ.

කටුනායක ගුවන්තොටුපලේ දෛනික මෙහෙයුම් වලදී ඇතිවන ප්‍රමාදයන් පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරණ මහතා අවධාරණය කලේ කොවිඩ් වසංගත තත්වය නිසා ඇතිව තිබෙන නව සාමාන්‍ය කරණ වැඩපිලිවෙල නිසා මෙම ගැටලු මතුව ඇති බවයි. එම ගැටලු කඩිනමින් විසඳීමට ද සභාපතිවරයා එකඟත්වය පලකලේය. විදේශ රැකියා රාජ්‍ය  අමාත්‍ය  ප්‍රියංකර ජයරත්න මහතා විදේශ රැකියා සඳහා පිටත්ව යන හා විදේශ රැකියා වලට ගොස් ආපසු පැමිණෙන අයට ගුවන්තොටුපලේ කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කලේය. ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කලේ ඒ සඳහා අවශ්‍ය  ඉඩකඩ ලබාදිය හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය  ප්‍රකාශ එකතු කිරීමේ වැඩපිලිවෙල කඩිනම් කිරීමට පසුගිය සතියේ පියවර ගැනුන අතර එහි ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුනි. සෞඛ්‍ය  හා ගුවන්තොටුපල බලධාරීන් පැවසුවේ මෙහි පැවැති ප්‍රමාදයන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි. අවශ්‍ය  තරම් නිලදාරීන් ඒ සඳහා යොදවා ඇතැයි මෙහිදී අවධාරණය කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ ඇමති නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කලේ මේ වන විට කොවිඩ් එන්නත්කරණ කාඩ්පත සියලු කටයුතු සදහා අනිවාර්ය කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි. ඊට අදාළ වැඩපිළිවෙල සකස් කර ඇති බවත් දෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිතිපතිවරයා පැහැදිලි කිරිමක් කර ඇති බවත් ඇමතිවරයා මෙහි දි කීවේය.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු සංචරණ සිමා ලිහිල් විමත් සමග මේ වන විට දෛනිකව සිදුවන ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දෛනිකව ගුවන් තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව 12,000 ඉක්මවයි.

FO4A0030 3

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව නැගෙනහිර හා බටහිර කලාපයන් යා කෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු පියවර සනිටුහන් කරමින්  ගුවන් තොටුපළ පුළුල් කිරීමේ  ව්‍යාපෘතියේ  දෙවන අදියර ජනතා අයිතියට පත් කෙරේ .

කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද(25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ  අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි  ජාත්‍යන්තර ගුවන්  පථයන්ට  අනුරූප වන පරිදි නව සැලැස්මකට අනුව ගුවන්තොටුපල සංවර්ධනය කිරීමයි.

සමස්ත ව්‍යාපෘතිය අවසන් වන විට දැනට මිලියන හයක් වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාවය  මගීන් මිලියන පහළොවක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබේ.ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ බී පැකේජ ව්‍යාපෘතිය සඳහා  වැයකර ඇති මුළුමුදල රුපියල් බිලියන 6කි.2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය .

නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්  ඉදිකර අවසන් වනවිට  බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49ක් දක්වා වැඩිවන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වනු ඇත .මෙහිදී බැහැරුම් පත දිගු කිරීම තුළින් ගුවන් යානා වලට නව පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.බී පැකේජය යටතේ දුරස්ථ අංඟනය නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර් 269000 සිට වර්ග මීටර් 479000ක්  දක්වා  පුළුල්  වන අතර  මෙමගින් අනාගතයේදී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම් වළට ඉහල පහසුකම් සැළසේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ සමස්ථ ව්‍යාපෘතිය අවසන් වන විට  පිරික්සුම් කවුළු  53 සිට 149 ක් දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛ්‍යාව  21 සිට 53 ක් දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83ක් දක්වාත්  වැඩිකෙරෙයි.පවතින ගුවන් බස් දොරටු සංඛ්‍යාව 6 සිට 16ක් දක්වා වැඩිවන අතර ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාව 4සිට 10ක් දක්වා ඉහල යයි.

ලොව නැගෙනහිර සහ බටහිර යාකෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර  ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති හිදේකි මිසුකොශී (Hideaki MIZUKOSHI) මහතා සහ  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ , ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, යන අමාත්‍යවරුන් සහභාගි වූහ.

 

1f990efb 8b5d 49c3 91ec 14f39a877aa0
7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගි තදබදය අවම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 17 වන දින සිට ගුවන් තොටුපළ හා සෞඛ්‍ය බළධාරීන් එක්ව විශේෂ පියවර රැසක් ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන වීට කටුනායක ගුවන්තොටුපළ හරහා දෛනිකව සංචාරකයන් ඇතුළු ගුවන් මගීන් විශාල පිරිසක් මෙරටට පැමිණේ. එලෙස පැමීණෙන ගුවන් මගීන්ගෙන් සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ දි ප්‍රමාදයක් සිදුවන බවට පැමිණීලි ලැබී තිබු අතර ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව 17 වන දින කටුනායක ගුවන් තොටුපළේ දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහාතගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන, ආගමන විගමන පාලක, රේගු බළධාරීන් මෙන්ම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන් තොටුපළ බළධාරීන් සහභාගී වුහ.

 එහි දි අනාවරණය වුණේ වැඩි වශයෙන් ගුවන් යානා පැමිණෙන කාර්යබහුල කාලයේ දි සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ කවුළු ආශ්‍රිත ව විශාල මගී තදබදයක් ඇතිවන බවයි. ප්‍රමාණවත් තරම් නිළධාරින් ඒ සදහා සෞඛ්‍ය බළධාරින් විසින් යොදවා නොතිබීම ඊට හේතුව බව ද මෙහි දි අනාවරණය විය. මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කීවේ තවත් නොබෝදිනකින් අලුතින් සේවයට එක්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 30දෙනෙකු ගුවන් තොටුපළ සේවයට යොදවන බවයි. එතෙක් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු යොදවා මෙම කාර්යය සිදු කිරිමට ද මෙහි දි තීරණය කෙරිණ. ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන පුර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වු සංචාරකයන් ඇතුළු ගුවන් මගින්ගේ සෞඛ්‍ය ප්‍රකාශ පරීක්ෂා කිරිමට වෙනම කවුළු කීපයක් හා සෙසු ගුවන් මගීන්ට වෙනම කවුළු කිපයක් හදුන්වා දීමට ද මෙහි දී තීරණය විය.

මේ වන විට කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන සංචාරකයන් ඇතුළු ගුවන් මගීන්ට සිය සෞඛ්‍ය ප්‍රකාශ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කිරීමට ද ගුවන්තොටුපළ බළධාරීන් අවශ්‍ය පහසුකම් සලසා තිබේ. ගුවන්තොටුපළ වෙබ් පිටුවට පිවිසීමෙන් එම සෞඛ්‍ය ප්‍රකාශය සම්පූර්ණ කළ හැකිය. එලෙස එම ප්‍රකාශ සම්පුර්ණ කර පැමිණෙන ගුවන් මගින්ට  ප්‍රමාදයකින් තොරව ගුවන් තොටුපළින් පිටත්ව යාමට හැකිවන බවද, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

සාකච්ඡාවෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස ගුවන් මගීන් මෙරටට පැමිණෙන අවස්ථාවේ දි එම සෞඛ්‍ය ප්‍රකාශ ලබාගන්නා කවුළු වල ක්‍රියාකරීත්වය පරික්ෂා කළ අතර පැය දෙකකට ආසන්න කාලයක් එහි රැදි සිටිමින් කඩිනමින් සිදු කළ යුතු වෙනස්කම් ඒ මොහොතේම සිදු කිරිමට පියවර ගන්නා අයුරු ද දක්නට ලැබිණ.

කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරිමත් සමග දෛනිකව කටුනායක ගුවන්තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබේ. දෛනිකව ගුවන් මගී මෙහෙයුම් 12,000 ක්පමණ ගුවන් තොටුපළ තුළ සිදුවෙයි. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 746,085 ක් සිදුව තිබේ. ඉන් 409,496ක් පැමිණීම් වන අතර 336,589 ක් පිටව යාම් වේ.

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී ධාරිතාව වාර්ෂිකව මිලියන 6 කි. කොවිඩ් වසංගතය පැමීණීමට පෙර එහි වාර්ෂිකව ගුවන් මගි මෙහෙයුම් සංඛයාව මිලියන 10 ඉක්මවා තිබිණ. මේ වන විට ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අවසන් විමෙන් පසු එහි මගි මෙහෙයුම් වාර්ෂිකව මිලියන 15 දක්වා ඉහළ දැමීමට හැකි බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අනාවරණය කළේය.

a1d19385 031d 47d6 9cc0 fd82a6875fb3

- ඉන්දියානු බ්ලොග් ක්‍රියාකාරීන් හමුවේ දී ඇමති ප්‍රසන්න රණතුංග කියයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන  විශේෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයිනට පැමිණ ඇති ඉන්දීය බ්ලොග් අඩවි ක්‍රියාකාරින් සමග පසුගිය සිකුරාදා (19) පැවති හමුවක දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඉන්දිය බ්ලොග් අඩවි ක්‍රියාකාරින් 50දෙනෙකු මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට මේ අනුව සැලසුම් කර ඇති අතර මේ වන විට එහි පළමු කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ තිබේ. මුල් කණ්ඩායම ඉන්දීය බ්ලොග් අවඩි ක්‍රියාකාරීන් 25 දෙනෙකු ඇතුළත් වේ. මෙම පිරිස යාල, කතරගම ප්‍ර දේශයේ පසුගිය දිනවල සංචාරයක නිරතව සිටි අතර ඔවුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හමුවුයේ කොළඹ සිනමන් ලේක්හි දි පැවති සුහද හමුවක දියි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක වෙලදපොළ 05 න් එකක් බවයි. 2019 වසරේ දි මෙරටට පැමීණි සංචාරකයන්ගෙන් 18%කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්දියානුවන් බව ද ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත කිරිමත් සමග මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් වැඩි පිරිසක් ද ඉන්දියානු ජාතිකයෝයි. පසුගිය 18 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 85,655 පැමිණ තිබේ. පසුගිය නොවැම්බර් 01 දා සිට 18 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් 24,567 න් 8086 දෙනෙක්  ඉන්දීය ජාතිකයෝ වෙති.

කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බවත් කොවිඩ් වසංගතයෙන් පසුව ඉදිරියේ දි එම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැවසු ඇමතිවරයා ඊට අමතරව ඉන්දියාවේ නව ගමනාන්ත කීපයක් සදහා ද අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද කීවේය.

මෙම අවස්ථාවට ගුවන්තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

47b3c73b d898 4d2c 90c7 e319f7581642

  • කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ...
  • ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව 75%කින් වැඩි කිරීමට සැලසුම්...

කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. පසුගිය මැයි මාසයේ දී  ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සදහා වැය කරන මුදල රුපියල් මිලියන 220කි.

මෙහි ඉදිකිරිම් කටයුතු ලබන වසරේ පළමු කාර්තුව තුළ දී අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි. ව්‍යාපෘතිය නිම වීමෙන් පසු ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව 75%කින් පමණ වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රත්මලාන ගුවන් තොටුපළ තුළ ගගන නාවික පහසුකම් සහිත පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක් ඉදි කිරීමට ද අපේක්ෂිතයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාණිජ මෙහෙයුම් වැඩි දියුණු කිරිම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇති බවයි.  දේශීය ගුවන් සේවා 05 ක් සමග නව වාණිජ ගුවන් සේවා වලට මේ වන විටත් එළඹ තිබේ. රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් තොටුපළ පුහුණු පාසලක් ආරම්භ කිරිම සදහා සාකච්ඡා කෙරෙමින් පවතින අතර ජාත්‍යන්තර සංවිධිත මෙහෙයුම් (International Scheduled Operations) ආරම්භ කිරිම සදහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව  ඇමතිවරයා සදහන් කරයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. රත්මලාන ගුවන් තොටුපළ තුල පවතින සම්පත් උපයෝගි කරගනිමින් නව කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කර තිබිණ.

රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත්  රජය පසුගිය දා කටයුතු කර තිබිණි.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරිණි. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

සංචාරක පුවත්

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය