මඩකලපුව ගුවන් තොටුපළ දෙස් විදෙස් සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

එහි පළමු වැඩසටහන පසුගිය දා ක්‍රියාත්මක කෙරිණ. Joy Rides යනු ගුවන්තොටුපළ ආශ්‍රිත අහසේ මගීන් රැගෙන කෙටි කාලයක් ගුවනේ සැරසැරීමයි. ඒ අනුව පසුගිය සතියේ ගුවන් යානා 03 ක මගීන් 36 දෙනෙකු මෙම සංචාරය සදහා එක් වු අතර මඩකලපුව ගුවන් තොටුපළ ආශ්‍රිත අහසේ පැය භාගයක පමණ කාලයක් ඔවුහු සංචාරය කළහ.

මඩකලපුව ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට ද රජය සැලසුම් කර තිබේ. මෙම ජෝයි රයිඩ්ස් සංකල්පය ක්‍රියාත්මක කෙරුණේ එහි ආරම්භයක් ලෙසය. දැනට මඩකලපුව ගුවන් තොටුපළේ ක්‍රියාත්මක මෙම ගුවන් සංචාර ඉදිරියේ දී රත්මලාන හා යාපනය ගුවන් තොටුපළ ආශ්‍රිතව ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

1958 වසරේ දී ගුවන්සේවා දෙපාර්තුමේන්තුව යටතේ ආරම්භ වු මඩකලපුව ගුවන් තොටුපළ 1983 දි ගුවන් හමුදාවට භාර දුන්නේය. ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී (2012) මඩකලපුව ගුවන් තොටුපළේ ධාවන පථය වැඩි දියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක කෙරිණ.

2018 වසරේ දී ගුවන් මෙහෙයුම් 1180 ක් 2019 වසරේ දි ගුවන් මෙහෙයුම් 864 ක් හා 2020 වසරේ දී කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ද ගුවන් මෙහෙයුම් 174 ක් සිදුකර ඇත. අක්කර 348 ක භූමි භාගයක් සහිත මඩකලපුව ගුවන් තොටුපළ තුළ මීටර් 1368 ක දිගින් හා මීටර් 30 ක පළලින් යුත් ගුවන් ධාවන පථයක් තිබේ. ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් මෙම ගුවන් තොටුපළේ සිදු කළ හැකිය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කෙරේ.

කොළඹ- රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය - පළාලි ගුවන් තොටුපළ දක්වා පසුගිය වසරේ මාර්තු මාසයේ රට වසා දැමීමට පෙර සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරිණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය යළි ආරම්භ කිරීමට නොහැකි විය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙසයි. කොවිඩ් වසංගතයට රට වැසීමට පෙර සතියට දෙවරක් කොළඹ සහ යාපනය අතර ගමන් කෙරුණු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් දෛනිකව සිදු කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දී තිබේ.

මේ අතර  කොවිඩ් වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු යාපනය - චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ. එය සිදු කෙරෙන්නේ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ද රජය අවධානය යොමු කර ඇති අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් එහි කටයුතු වලට ද බාධා එල්ල වි තිබිණි. ඒ පිළිබද ව ද ඉදිරියේ දි විශේෂ අවධානය යොමු කෙරේ.

යාපනය පළාලි ගුවන්තොටුපළ දෙවන ලෝක යුද්ධ සමයේ දී ආරම්භ කෙරුණකි. නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස Air Ceylon මෙහි සිය මෙහෙයුම් ආරම්භ කළ අතර දකුණු ඉන්දීය ගමනාන්ත සදහා ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරිණි. කොටි ත්‍රස්තවාදය හේතුවෙන් 1980 න් පසු පළාලි ගුවන් තොටුපළේ ක්‍රියාකාරිත්වය අඩාල වු අතර 2002 වසරේ දී එය ගුවන් හමුදා පාලනයට නතු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දි කොටි ත්‍රස්තවාදි යුද්ධය අවසන් කිරීමත් සමග 2010 වසරේ දී මෙම ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය.

එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම නොවැම්බර් 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ආරම්භ කිරීමට තීරණය කරයි. ඒ අනුව ආරම්භයක් ලෙස නොවැම්බර් 05 වෙනිදා සිට ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට එම සමාගම එකඟ වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වී සිටින  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව පල කෙරිණ. සාකච්ඡාව පැවැත්වුණේ පෙරේදා (05) පැරිස් නුවර අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශන භූමියේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය තුලදීයි.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර කඩිනමින් කාලසටහන් ගත ගුවන්ගමන් ආරම්භ කිරීමටද මෙහිදී එකඟතාව පලවූ බවත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවය හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීම පිලිබදවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණ බව ඇමතිවරයා සඳහන් කරයි. ඒ අනුව මෙරට හෝටල් හිමියන් සමගද සාකච්ඡා කර අදාල විශේෂ සහන පැකේජය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටද මෙහිදී එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම එකඟතාවය පල කල බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම ලෝකයේ ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් වලින් එකකි.1933 දී ආරම්භ කෙරුනු මෙම ගුවන් සමාගම මේ වසරේ Sky trax ලෝක ගුවන් සේවා සම්මානය හිමිකරගත්තේය. යුරෝපයේ හොඳම ගුවන් සමාගම ලෙසත් කොවිඩ් තත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන විශිෂ්ඨතම ගුවන් සමාගමක් ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇත්තේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති මෙම සාකච්ඡාවට එයාර් ෆ්‍රාන්ස් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ( දිගු ගුවන් සේවා) Zoran Jelkic , ආසියානු පැසිෆික් කලාපයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ Francois Giudicelli , සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.

WhatsApp Image 2021 10 07 at 10.56.33

මේ මාසයේ ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි. ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16, ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ පසුගිය ජූලි 31 වෙනිදායි.ඒ වසර හයකට පසුවය. සැප්තැම්බර් 03 වෙනිදා සිට රුසියාව කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආරම්භ කලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශයන්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීම අත්හිටුවා තිබූ අතර එය යළි ආරම්භ කලේ ද රුසියාවේ මොස්කව් නුවර පැවැති සංචාරක ප්‍රදර්ශනයකට සහභාගි වෙමිනි. සංචාරක ඇමතිවරයා එහිදී එරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සමගත් සංචාරක සංවිධාන නියෝජිතයන් සමගත් විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වාදෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ‘Bye One Get One’ ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ තත්වය එරට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.

රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී  ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ මෙරටට පැමිණි රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000ක් පමණ වේ. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන්  සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉදිරි මාස 02ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ  පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට සුදානම් වෙයි. ලබන මස මැද වන විට රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාලසටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිතයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් තොටුපළ සංවර්ධන හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. රත්මලාන ගුවන් තොටුපළ තුල පවතින සම්පත් උපයෝගි කරගනිමින් නව කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කර තිබිණ.

මේ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක්  ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට ද නියමිතයි. මාලදිවයින ගුවන් සමාගම සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඔවුන් රත්මලානයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරිමට ඔවුන් මේ වන විට එකගත්වය පළ කර තිබේ. මගීන් 50 ක් ගෙන යා හැකි ගුවන් යානයක් මේ අනුව මුලින්ම කොළඹ සහ මාලදිවයින අතර ගමන් කෙරෙනු ඇත. රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත්  රජය පසුගිය දා කටයුතු කර තිබිණි.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරිණි. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

සංචාරක පුවත්

All set for the world’s largest all female Adventure Challenge,’’ RAID AMAZONES 2023’’

The much awaited all female adventure challenge ‘Raid Amazones ‘’is all set to kick off in style from 20th to 28th March 2023 in Kandy and Suburbs, covering a wide range of activities in 8 days and highlighting the iconic attractions of the destinati

Continue Reading

Sri Lanka welcomes the first group of Chinese tourists for 2023 with open arms

Sri Lanka Tourism hosted a grand welcome for the first batch of Chinese Tourists for 2023, on 1st March 2023, which the destination received after a lapse of three years. They were warmly welcomed at the Bandaranaike International Airport, amidst a d

Continue Reading
Exit
දිස්ත්‍රික්කය