ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් ශ්‍රී ලංකාව සමග අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා  ආරම්භ කරයි.දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව ගුවන් සේවා හතරක් අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක්  ශ්‍රී ලංකාව සමඟ කඩිනමින් ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන් වාර ආරම්භ කිරීමට  කැමැත්ත පළ කොට තිබේ.මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පවත්වා ඇත.

මීට අමතරව සිනමන් ගුවන් සේවය ලංකාව පුරා විහිදී තිබෙන  අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපල ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට නංවාලීම තුළින් ධනාත්මක තරගකාරිත්වයක් ඇතිකර ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වල මගී ධාරිතාවය  ඉහල නැංවීමට පියවර ගැනෙයි.

දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකේ පුරා ගෙන යන සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට අපේක්ෂිතය.

ලෝකය පුරා රටවල් සමඟ ගුවන් ගමන් සේවා ව්‍යාප්ත කිරිමත් සමගම දිවයිනට ඉදිරි කාලය තුළ ඇදී එන සංචාරකයින් ප්‍රමාණය දිනකට දහස ඉක්මවනු ඇති බවට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

ආගමන විගමන පහසුකම් පුළුල් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අලුතින් ඉදිකළ විගමන පියස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙරවරුවේ මහජන අයිතියට පත්කෙරිණි.

නිගමන කවුළු 23ක් සහිතව ඉදිකෙරුණු මෙම  නව විගමන පියස ඉදිකිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට  රුපියල් මිලියන 430 ක මුදලක් වැයවී ඇත.මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපොළේ පළමු පර්යන්තය සම්පූර්ණයෙන්ම නවීකරණය වී ඇත. ද්විත්ව  උසකින් යුත් ඉඩකඩ සහිත පිටත්වීමේ මගී පර්යන්තය සඳහා වෙන් වූ පෙදෙස, නව වායු සමීකරණ පද්ධතිය, දුරකථන හා දත්ත උපාංග ස්ථාපනය , දැනට පවතින පිටත් වීමේ පර්යන්තය ප්‍රභූන් සඳහා වෙන් වූ ප්‍රදේශයට පුළුල් කිරීම, අමතර තට්ටු තුනකින් සමන්විත වන ලෙස එස්කැලේටර් 2ක්, විදුලි සෝපානයක්, නව පියගැටපෙළක් සහ ඉහළ මහලේ අමතරව පිරික්සුම් කවුළු පහක් සහිතව ගුවන් මගීන්ගේ මලු හසුරුවාලීම පහසුකම්  පුළුල් කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරිණි.

නව විගමන හා බුද්ධි අංශ කාර්යාල පරිශ්‍රයද නවීනතම පහසුකම් සහිතව ඉදිකර තිබේ.2025 වර්ෂය වන විට වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 20ක් සේවය ලබාගන්නා, තරගකාරී ආරක්ෂක ගුවන් සේවාවක් සැපයීම සඳහා හොඳම භාවිතයන් සහ අති නවීන තාක්ෂණයෙන් යුත් ආගන්තුක සත්කාර සපයන ගුවන් තොටුපළක් ලෙස  කටුනායක ගුවන්තොටුපල පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ක්‍රියාත්මක කෙරෙන මෙම ගුවන්තොටුපල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍යය උපදෙස් අනුව පැවති මෙම විවෘත කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි,උප සභාපති රජිව් සූරියාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2021 07 15 at 10.08.54 1

 

 

WhatsApp Image 2021 07 15 at 10.08.54

මඩකලපුව ගුවන්තොටුපළ  පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස  කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එම ගුවන්තොටුපළ  නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අමාත්‍යවරයා  නැගෙනහිර පළාත සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මඩකලපුව ගුවන්තොටුපළ සංචාරකයින්ට ආකර්ෂණීය ගමන් මාධ්‍යයක් ලෙස සකස් කළ යුතු බව ද පැවසීය.

1958 වසරේදී ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු මඩකලපුව ගුවන්තොටුපළ 1983දී  ගුවන් හමුදාවට භාර දුන්නේ ය .ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී (2012)  මඩකලපුව ගුවන්තොටුපොළේ ධාවන පථය වැඩිදියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක කිරීම ඇරඹිණි.

2018 වසරේ දී වසරේදී ගුවන් මගීන් 3980ක්, 2019 යෙදී  ගුවන් මගීන් 3373ක්, හා 2020දි කොරෝනා වසංගතය තත්වය යටතේත් ගුවන් මගීන් 723 ක් මඩකලපුව ගුවන් තොටුපලෙන් සේවය ලබාගෙන ඇත.

2018 වසරේ වසරේදී ගුවන් මෙහෙයුම් 1180ක්, 2019 වසරේ දී ගුවන් මෙහෙයුම් 864 ක් හා 2020 දී ගුවන් මෙහෙයුම්  174 ක් සිදුකර ඇත. අක්කර තුන්සිය 48 ක තුන්සිය 48ක භූමියකින් යුක්ත  මඩකලපුව ගුවන්තොටුපළේ මේක 1368 ක දිගින් සහ මීටර් 30 ක පළලින් යුක්ත ධාවන පථයක් තිබේ. මෙම ගුවන් තොටුපොළ ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි  තත්වයේ පවතින ගුවන්තොටුපලකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා " නැගෙනහිර පළාතේ  සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී  මඩකලපුව ගුවන්තොටුපළේ අවශ්‍යතාවය  දැනෙනවා. ඒ නිසා මඩකලපුව ගුවන්තොටුපළ සංචාරක ව්‍යාපාරයට ගැලපෙන පරිදි දියුණු කරන්න ඕනේ.

මඩකලපුව ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ගැසට් කර වසර ගණනාවක් ගෙවුනත්  ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අඩු තරමේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වත් වර්ධනය වෙලා නෑ. ඉදිරි වසර දෙක තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වර්ධනය  කර මේ ගුවන්තොටුපල  දියුණු කරනවා.

ඒ සඳහා සුදුසු සැලසුමක් සකස් කරන්නත්, ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලයිස්තුගත කරන්නත් උපදෙස් දුන්නා. ඒවා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා සමග සාකච්ඡා කරලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා.

නැගෙනහිර පළාතට එන සංචාරකයින් වැඩි දින ගණනක් නැගෙනහිර පළාතේ රැඳී සිටින ආකාරයේ පරිසරයක්  අපි සකස් කරනවා. " පැවසීය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා " උතුරු නැගෙනහිර පළාත යුද්ධයට මැදි වෙලා තිබුණා. ඒ කාලේ මෙහෙ දරුවෝ සයනයිට් කරල කරේ එල්ලගෙන හිටියේ.යුද්ධයෙන් පස්සේ ඒ දරුවන්ට පාසල් යන්න සුදුසු වාතාවරනය හදලා, උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වගේ ව්‍යාපෘති මගින් මේ පළාත් සංවර්ධනය කළේ බැසිල් රාජපක්ෂයි. යහපාලනය කාලයේ ඒ කිසි දෙයක් මෙහෙට වුණේ නෑ. අපේ රජයක් යටතේ මුළු රටටම එක වගේ සලකනවා" යි පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය  ඩි.වි.චානක, එස්.වියලේන්ද්‍රන්,  සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහත්වරුන්ද ඇතුළු පිරිසක් ද එක් වූහ.

WhatsApp Image 2021 07 01 at 12.11.18

 

  • කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු (smart) ගුවන් තොටුපළක් ලෙස ඩිජිටල් කරණයකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කමිටුවක්..
  • ජනවාරි මාසයේ සිට නියාමන ව්‍යාපෘතිය ඇරඹේ... තම සංචාරක ගමනාන්තවලදීම රැගෙන ආ භාණ්ඩ නිදහස් කරගැනීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවන නව ක්‍රමවේදයක්..
  • වසංගත රෝග සහ අනෙකුත් අවධානම් ලෙඩ රෝග ගුවන් තොටුපළ හරහා රට තුළට ඇතුළු වීම වැළැක්වීමට නවීන ක්‍රමවේදයක්...
  • තමන් කැමති සංචාරක ස්ථානය සහ ඊට අදාලව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් යානය කුමක්දැයි සංචාරකයින්ට ක්ෂණිකව හඳුනාගැනීමේ අවස්ථාව හිමිවන ප්‍රචාරණයක්...

 

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු (smart) ගුවන් තොටුපළක් ලෙස ඩිජිටල්කරණය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත්කෙරේ.සංචාරක අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය, ගුවන්තොටුපළ සංවර්ධන සහ අපනයන කලාප රාජ්‍ය අමාත්‍යාංශයත් ඊට අදාල අනෙකුත් ආයතන වල සාමාජිකයින් ද නියෝජනය වන පරිදි මෙම ඒකාබද්ධ කමිටුවක් පත් කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු( smart ) ගුවන්තොටුපළක්  බවට පත් කිරීමේ නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර ක්‍රියාකාරී සැලැස්මක් මත එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව ඊයෙ   ගුවන්තොටුපොළ පරිශ්‍රයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍ය ප්‍රසන්න රණතංග මහතා  අවධාරණය  කළේය.  මහා බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ බාලි දිවයින් වල දැනටමත් සුහුරු ගුවන්තොටුපල  ක්‍රියාත්මක වන අතර ඒ තුළින් ඇතිවන කාර්‍යක්ෂම තාවය වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට  සමත් වී තිබේ.නව ඩිජිටල් කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කටයුතු,  මගී මෙහෙයුම් කටයුතු සහ  භාණ්ඩ මෙහෙයුම් කටයුතු පවතින තත්ත්වයට වඩා තවත් ක්‍රියාකාරී ආකාරයට පවත්වාගෙන යාමට මගින් අපේක්ෂා කෙරෙයි.මීට අමතරව මේ තුළින් ආරම්භ කෙරෙන විශේෂිත වැඩපිළිවෙළක් ලෙස  සංචාරකයින් ලංකාවට රැගෙන එන බඩු භාණ්ඩ ලබාගැනීමට ගුවන්තොටුපළේදී වැඩිකාලයක් ගතකිරීම වෙනුවට ඔවුන්ගේ සංචාරක ගමනාන්තයන්හීදී එම භාණ්ඩ නිදහස් කරගත හැකිවන පරිදි  නවීන ව්‍යාපෘතියක් හඳුන්වා දීම කෙරෙහිද මෙම සාකඡ්චාවේදී අවධානය යොමු කෙරිණි.සුහුරු ගුවන්තොටුපළ වැඩසටහන යටතේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අතර  සෞඛ්‍ය දත්ත හඳුනා ගැනීමේ නවීන ක්‍රමවේදයක්  ස්ථාපිත කිරීම තුළින් ලෝක වසංගත රෝග සහ අනෙකුත් අවධානම් ලෙඩ රෝග බණ්ඩාරනායක ගුවන් තොටුපළ හරහා රට තුළට ඇතුළු වීම වැලැක්වීමට අපේක්ෂිතය. දැනටමත් මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන සංචාරකයින්ගේ දත්ත, සෞඛ්‍ය තත්වය, උෂ්ණත්වය පවා වාර්තා වන ආකාරයට එය ක්‍රියාත්මක වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය..  සුහුරු ගුවන්තොටුපල සංකල්පය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කර සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට පුරා ගුවන්තොටුපළ ඒකාබද්ධ වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පල කෙරෙන දැන්වීම් සහ තොරතුරු ඇතුළත් පිටු වල ගුවන් ගමන් වාර පිළිබඳ තොරතුරු ඇතුලත් කිරීම තුළින් තම සංචාරය සඳහා වෙන් කරගතයුතු ගුවන් වාරය කුමක්දැයි සංචාරකයින්ට සෘජුව දැනගත හැකිවන පරිදි නව ක්‍රමවේදයක් ද එක් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.ඒ අනුව ලෝකය පුරා විහිදී සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති සංචාරකයින්ට තම ගමනාන්තයත් සමගම තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් යානය කුමක්දැයි ක්ෂණිකව හඳුනාගැනීමට අවස්ථාව සැලසේ.මෙම සාකඡ්චාව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති අතර ඒ සඳහා ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්,හෙට්ටිආරච්චි, ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන අමාත්‍යංශ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ චන්ද්‍රසිරි,උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.

PSX 20210713 120004 1

කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ වුව ද රටේ සංවර්ධනය අඩාල කිරීමට රජය සුදානම් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. මේ නිසා දැනට රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි ආරම්භ කෙරෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ජනතාව පීඩාවට පත් කරමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් නොමැති බව ද අවධාරණය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් රජය සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ජනතා අවශ්‍යතාවන්ට  ප්‍රමුඛතාව දෙමින් බව ද කියා සිටි. මේ වන විට රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි පැවසු ඇමතිවරයා  මුදල් අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතිවල  ප්‍රගතිය අධීක්ෂණ කොට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇතැයි ද කීවේය. එම ව්‍යාපෘති කඩිනම් කිරීම එහි අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා පසුගිය සිකුරාදා (21) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. කටුනායක ගුවන්තොටුපළේ ක්‍රියාත්මක පැකේජ A හා B ව්‍යාපෘති වල ප්‍රගතිය මෙහි දි විමසා බැලිණ.

කටුනායක ගුවන් තොටුපළේ  දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් වලින් සමන්විත පැකේජ B  ව්‍යාපෘතියේ වැඩ කටයුතු 93.85% ක් අවසන් බවත්,  ලබන සැප්තැම්බර් මාසය වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙන බවත් මෙහි දී අනාවරණය කෙරිණි. මෙම ව්‍යාපෘතිය සදහා ජපන් යෙන් 1,152,273,761 සහ ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248  ක මුදලක් යොදවා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දි මෙහි ඉදිකිරීම් සදහා මූලික සැලසුම් සැකසුණ ද මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදියි. වසර දෙකහමාරකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය රජයේ නිසි අධික්ෂණයක් නොමැතිවීමෙන් එහි කටයුතු ප්‍රමාද විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව සංචාරක හා ගුවන්සේවා ඇමතිවරයා ලෙස පත් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සති දෙකකට වරක් මෙහි ප්‍රගතිය විමසා බැලීමට පෞද්ගලිකවම කටයුතු කළ අතර ඒ අනුව මෙහි ඉදිකිරීම් යළි වේගවත් වී මේ වන විට එය අවසන් අදියරට ලගා වී ඇතැයි රැස්වීමේ දි අනාවරණය විය.

කටුනායක ගුවන් තොටුපළ පැකේජ A ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද 2014 වසරේ දි හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කෙරුණකි. එහි ඉදිකිරීම් ද පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කළ අතර එය නැවත ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවයි. ඒ සදහා වැය කෙරෙන මුදල ජපන් යෙන් 41,553,891,286 ක් හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 කි. මෙහි ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක ව පවතී. එහි ඉදිකිරීම් කාලය වසර 03 කි.

පැකේජ A  ව්‍යාපෘතිය ද නියමිත කාලයේ දි අවසන් කිරීමට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේ දී උපදෙස් දුන් ඇමතිවරයා එහි ඉදිකිරීම්  ප්‍රමාද වීම සදහා කිසිදු ඉඩක් නොතබන ලෙස ද උපදෙස් දුන්නේය. කොවිඩ් තත්ත්වය මත පවතින සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ඉදිකිරීම්  වල දී ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වාලීම සදහා ගුවන් තොටුපළ හා  ගුවන් සේවා සමාගම සෘජුව මැදිහත්විය යුතු බවත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරන්තර අධික්ෂණයකින් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල්  ජි.ඒ. චන්ද්‍රසිරි, උපසභාපති රජීව් සූරියආරච්චි, කොන්ත්‍රාත්කාර ජපන් සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුහ.

news

සංචාරක පුවත්

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය