කෝවිඩ් වසංගතය පාලනය කිරීමත් සමග ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාකාරී වැඩ පිළිවෙල සකස් කර ඇති බවයි.
මෙරට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමග සංචාරක අමාත්‍යංශයේ පසුගියදා (16) පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.
සංචාරකයන් මිලියන 07ක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමටත් ඉන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් රජයේ ඉලක්කය වූ බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ඉලක්කය රජය තවමත් අතහැර නැතැයිද කීවේය. ඔහු පෙන්වා දුන්නේ කොවිඩ් හමුවේ වුවද එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඕස්ට්‍රේලියානු සංචාරකයන් මෙන්ම එරට ආයෝජකයන්ද ශ්‍රී ලංකාවට පැමිණීමට හා ආයෝජනයට වැඩි කැමත්තක් දක්වන බව පැවසූ මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙරට සංචාරක හා අයෝජන ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහාය ලබා දෙන බවටද සහතික වූයේය.
ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීමෙන් නැගෙනහිර පලාතේ මේ වන විට ක්‍රියාත්මක ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරේදි ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවද මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මෙහිදී කීවේය. ප්‍රදේශයේ කාන්තාවන්, තරුණ තරුණියන් වෙනුවෙන් මෙමගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් ඩැන්ලේ කැෂේන්, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිළධාරී සිවසුදාන් රමනාදන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වූහ.

 78eff69f 28a5 4f59 a398 35ff71e2a175 d41775c9 e172 4582 a6ae 0b283c104c02 
 debc289a d89b 403b b828 3d320cd90910 ec2be648 7f84 49e6 8bff 7492173555af 

සංචාරක පුවත්

Two young cricketers’ groups arrive from UK to reinforce travelers’ confidence in Sri Lanka as a safe and welcoming travel destination

Sri Lanka Tourism, in collaboration with Crusader Sports & Leisure Tours, has planned bring two groups of young cricketers in UK to in Sri Lanka consisting of a total of 86 members of both groups, on 12th and 14th December respectively. These inc

Continue Reading

SLTPB Hosts French Media Tour Featuring Rugby Legend Serge Betsen to Promote Sri Lanka Tourism

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) took a leading role in a initiative to showcase Sri Lanka as a premier tourist destination in France and Europe by hosting a dedicated media tour from France. The tour coincided with the visit of celebra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය