FO4A3295  FO4A3292

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර "සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)" ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවකි. මෙම යෝජනාව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සදහා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

ඒ අනුව මෙම සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබදවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින. කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබාදෙන සහාය පිළිබදව සිය විශේෂ ස්තූතිය ඉන්දීය මහ කොමසාරිස්වරයාට පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම වැඩසටහන හේතුවනු ඇති බවයි.

රාජ්‍ය ඇමති ඩී.වි.චානක, අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

සංචාරක පුවත්

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය