160124108 5828179513874183 4249214450756874191 o 157299647 5828179733874161 5589176248135274098 o 
 158035320 5828181100540691 551169886116116493 o  158090819 5828181283874006 5675461503304771964 o

 

කොවිඩ්  වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කෙරේ.ඔවුන් සදහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය  තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කර තිබේ.

මහ බැංකුව මේ සදහා එකගත්වය පළ කර ඇත්තේ පහුගිය සිකුරාදා (12) මහ බැංකු ශ්‍රවණාගාරයේ දි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකදියි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන මූල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා එය පැවැත්විණි. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවති මෙම සාකච්ඡාවට මහ බැංකුවේ හා සංචාරක අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංචාරක සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගතයෙන් ද බැට කෑ බවයි. එවැනි ගැටළුකාරී තත්ත්වයක දී ඔවුන් මුහුණදෙන ප්‍රශ්න සදහා පැලැස්තර යෙදීමෙන් ඵලක් නොමැති බවත්, ඕනෑම ආපදා අවස්ථාවක දී සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් රජය ඒ ගැන සිය විශේෂ අවධානය යොමු කළ ඇතැයි ද කීවේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මෙහි දි කියා සිටියේ මෙම ක්ෂේත්‍ර යේ නියුතුවුවන් ලබා ගත් රුපියල් බිලියන 350 ක ණය සහ රුපියල් බිලියන 105 ක පොළී ගෙවිය යුතු ව ඇති බවයි. එම ණය හා පොළී ගෙවා ගත නොහැකිව සංචාරක හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ද මෙහි දී අනාවරණය කෙරිණි. මෙම ණය හා පොළී මුදල් ගෙවීම සදහා කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව එකගත්වය පළ කළ අතර දැනට ලබා දී ඇති ණය සහනය මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සදහන් කළේය.

රජය මගින් ලබා දෙන ලීසිං සහන ඇතැම් මූල්‍ය සමාගම් ලබානොදෙන බවට පැමිණිලි ලැබි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය. එවැනි පැමිණිලි ඇත්නම් මහ බැංකුවට ඒවා යොමු කරන ලෙසත්, ඒ පිළිබද ව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සමග අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජයරත්න, සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් වන තිලක් වීරසිංහ, සනත් උක්වත්ත, බෙනට් ජයරත්න, නිමේෂ් හේරත් යන මහත්ම මහත්මීන් සහභාගී වු අතර  මහ බැංකු අධිපතිවරයා සමග එහි නියෝජ්‍ය අධිපතිවරුන් වන මහින්ද සිරිවර්ධන, ඊබට් ප්‍රනාන්දු, සහකාර අධිපතිවරුන් හා  දෙපාර්තුමේන්තු ප්‍රධානීන් සහභාගී වූහ.

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය