සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු පාසලේ පාඨාමාලා උපාධි මට්ටමට උසස් කිරීම සදහා ස්විස්ටර්ලන්ත රජයේ සහාය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපති ඩොමිනික් ෆ(ර්)ග්ලර් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණි.

සංචාරක ඇමතිවරයා සහ ස්විස්ටර්ලන්ත මෙරට තානාපතිවරයා අතර මෙම සාකච්ඡාව සිදු වූයේ පසුගිය සිකුරාදා (23) සංචාරක අමාත්‍ය කාර්යාලයේදීය.

විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මෙරට සංචාරක හෝටල් පුහුණු පාසලේ අධ්‍යාපනය හැදෑරීමට හැකිවන පරිදි දැනට පවත්වන පාඨමාලා උසස් තත්ත්වයට ගෙන ඒමට අදහස් කරන බවත් මෙම පාසල විශ්ව විද්‍යාලයක් බවට උසස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දුන්නේය. ඊට සිය ප්‍රසාදය පළකල තානාපතිවරයා ඒ සදහා ස්විස්ටර්ලන්ත රජයේ පූර්ණ සහාය ලබා දීමට සුදානම් බව කීවේය.

මේ වන විට සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය හෝටල් ක්ෂේත්‍ර යේ රැකියා සදහා තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතනයක් ලෙස පවත්වාගෙන යයි. කොළඹ පිහිටි ප්‍රධාන පාසලට අමතරව දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි පාසල් 09 ක් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000කට අධික පිරිසක් ඒවායේ අධ්‍යාපනය හදාරති. කොවිඩ් 19 තත්ත්වයත් සමග සංචාරක ක්ෂේත්‍ර යේ රැකියා සදහා තරුණ තරුණියන්ගේ පැවති උනන්දුව අවම වී ඇති බවත් ඒ තත්ත්වය වෙනස් කළ යුතු බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ස්විස්ටර්ලන්ත තානාපතිවරයා කීවේ ස්විස්ටර්ලන්තයේ හෝටල් කළමණාකරණය පදනම් කරගත් උසස් අධ්‍යාපන ආයතන රැසක් පවතින බවයි. එම විශ්ව විද්‍යාල වල සහාය මේ සදහා ලබා දිය හැකි බව ද තානාපතිවරයා කීවේය.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගීම සදහා රට සංචාරකයන්ට විවෘත කිරීම පිළිබද ව සිය ප්‍රසාදය පළකළ තානාපතිවරයා ශ්‍රී ලංකාව කොවිඩ් මර්දනය සදහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජනාධිපතිවරායට හා රජයට සිය ප්‍රසාදය පළ කළේය.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණි කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට එක්වූහ.

 175689476 6030525613639571 1420961149452001112 n

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය