පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍ර දේශයේ දී ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිතයි. මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍ර දේශ වල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කර තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹිණ.

ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 234 දෙනෙකු හදුනාගෙන ඇතැයි මෙහි දී අනාවරණය විය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි. එය මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 248,387දෙනෙකු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. ඉදිරි දින කීපය තුළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට එම එන්නත දෙවන මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සදහන් කළේය. වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටූවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සදහා හදුනාගෙන ඇතැයි කීවේය. ඒ සදහා මැදිහත්ව එම කර්මාන්තශාලා තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය.

වහා ක්‍රියාත්මක වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මොහොතේම දුරකථනය ඔස්සේ  ආයෝජන මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ කර්මාන්තශාලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීම සදහා අවශ්‍ය පියවර ගත්තේය. යෝජිත වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද මෙහි දී අනාවරණය විය.

පවතින අවධානම් සහගත තත්ත්වයට මුහුණ දීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද මෙහි දී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.ත ප්‍රවාහන පහසුකම් සහ අවශ්‍ය තරම් මානව සම්පත් නොමැති වීම පිළිබද ව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මෙහි දී කරුණු ඉදිරිපත් කළ අතර ඇමතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න යැයි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. මේ වන විට පත්වීම් ලබා පුහුණුව ලබන උපාධිධාරීන් එම කාර්යාලවලට අනුයුක්ත කරන්න යැයි ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට කීවේයත ඒ අනුව අවශ්‍ය පරිදි එම අනුයුක්ත කිරීම් සිදු කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි.

රාජ්‍ය ඇමතිණි සුදර්ශීණි ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වුහ.

 1  2

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය