කොවිඩ් වසංගතය හමුවේ බිදි වැටී ඇති මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ලෝක බැංකු සහාය හිමිවේ. මේ අනුව සංචාරක ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ දී උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, සංචාරකයන් සදහා හදුන්වාදෙන නව ජංගම යෙදවුමට (app) මෙරට තිරසර සංචාරක කළාප හදුන්වාදිමේ වැඩ සටහන ද සහාය ලබාදීමට ලෝක බැංකුවේ අවධානය යොමුව තිබේ.

ලෝක බැංකුවේ මෙරට නියෝජිත චියෝ කණ්ඩා (Chiyo Kanda) මහත්මිය හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (07) පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙරට ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීමේ දී කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. ඒ සදහා උපාය මාර්ගික සැලසුම් ද හදුනාගෙන ඇත. මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කීවේය. මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා සංචාරක ජංගම යෙදවුමක් (app) හදුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය නිර්මාණය කිරීමේ අවසන් අදියරේ පවතින බව ද මෙහි දී අවධාරණය කෙරිණ. තිරසර සංචාරක ගමනාන්ත ප්‍රවර්ධන වැඩ සටහන යටතේ සීගිරිය හා යාල සංචාරක කළාප, තිරසර සංචාරක කළාප ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය.

මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ලෝක බැංකුව සිය සාහය නිරන්තරයෙන් ලබාදීමට සුදානම් බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් රජය දක්වන උනන්දුව පිළිබද ව ප්‍රසාදය පළ කරන බවත් පැවසු ලෝක බැංකුවේ මෙරට නියෝජිතවරිය අවශ්‍ය ඕනෑම මොහොතක සිය සහාය මෙරට සංචාරක ව්‍යාපාරයට ලබාදීමට සුදානම් බව ද කීවාය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී වැඩිදුරටත් කීවේ කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර තිබු තත්ත්වයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි. ඒ සදහා රජය ඉමහත් කැපවීමෙන් කටයුතු කරන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සදහා අවශ්‍ය සහාය ලබාදිම පිළිබද ව ලෝක බැංකු නියෝජිතවරියට සිය ප්‍රසාදය ද පළ කළේය.

 WhatsApp Image 2021 05 12 at 10.37.41

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය