දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ  සංචාරය කිරීමට හැකි  බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති අතර එය අපනයන සංවර්ධන ජාතික සැලසුමට ද ඇතුළත් ය. රට සංචාරකයන්ට නැවත විවෘත කිරීමෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබිණි. කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වුයේ ඒ අතරතුරයි. ඒ සමගම රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමත් සමග සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ මෙරටට පැමිණි සිටි සංචාරකයන්ට සංචරණයේ දී විවිධ බාධා එල්ලවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. ඒ පිළිබද ව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු දිවයිනට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ බාධාවකින් තොරව නිෂ්චිත ස්ථාන කරා ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ඇය වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය