යක්කල වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බාහිර හා අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් ස්ථාපනය කෙරේ. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 15 කි. ගම්පහ රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සභාපතිණි අර්චනා රණතුංග මෙනවියගේ මැදිහත්වීමෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන දානපතීන් හරහා ලබා දී තිබේ. එම අභ්‍යන්තර හා බාහිර ඇමතුම් පද්ධතිය සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (15) පරීක්ෂා කර බැලුවේය.

මෙම කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බාහිර හා අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් නොමැති වීම හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවෙමින් තිබිණි. මේ සම්බන්ධයෙන් ගම්පහ රන්ලිය තරුණ සංවිධානයට දැනුම් දීමෙන් පසු එහි සභාපතිණිය අර්චනා රණතුංග මෙනවිය ඊට අවශ්‍ය ප්‍රතිපාදන සොයා දීමට මැදිහත් විය.

ඇමතුම් පද්ධතිය ස්ථාපනය කිරීම නිසා වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගීන් ඇතුළත් කිරීමට හැකි බව එම අවස්ථාවට සහභාගී වු වෛද්‍යවරු පෙන්වා දුන්හ. ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ කඩිනමින් එම රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

ඇදන් 2500 කින් සමන්විත යක්කල වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර යටතේ ඇදන් 750 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක් මේ වන විට ඉදිකර අවසන්ව ඇති අතර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ට මෙහි ප්‍රතිකාර කිරීම සදහා එය වෙන් කිරීමට නියමිතය.

 1 1

 

සංචාරක පුවත්

Korean Buddhist delegation shows Support and Solidarity for Sri Lanka

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka to the Republic of Korea, is providing support for the two VVIP South Korean Buddhist delegations visiting the country, demonstrating solidarity and strengthening cultural and religiou

Continue Reading

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය