කොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ ඉදිකළ යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම විවෘත කෙරේ.

මිලියන 6.5 ක වියදමින්  ඉදිකළ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව ප්‍රවේශය විවෘත කිරිම ඊයේ (30)  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදු කෙරිණි .සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කිරීමේ මෙම වැඩසටහන යටතේ තවත් ප්‍රවේශ කිහිපයක් ඇති කිරීමට  නියමිතව තිබේ. මෙමගින් දේශීය සහ විදේශීය සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙන අතර යාල  වනඋද්‍යානයේ මෙතෙක් පිවිසීමට නොහැකි වූ ප්‍රදේශ ආවරණය කරමින් සංචාරය කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ  සෞභාග්‍යයේ දැක්ම  ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හයදහසක් පමණ දැනටමත් හඳුනාගෙන තිබේ.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -:

සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සියලු දෙනා අතර බෙදී යා යුතුයි. ඒ වගේම තාක්ෂණය උපයෝගී කරගෙන ටිකට්පත් නිකුත් කරන්න මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. දැනට සීමාසහිත ප්‍රමාණයක් ටිකට්පත් නිකුත් කිරීමට  අපට සිදුව තිබෙනවා. යාල වන උද්‍යානයට ඇතුල් වන තදබදය අඩු කර ගැනීමට මේ ආරම්භ කරන වැඩපිළිවෙළත් එක්ක පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන  ආදායම් බෙදී යාමට සලස්වා  රටේම  ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයට සකස් කළ යුතුයි. විශාල සැලසුමක එක අදියරක් තමයි අද මේ ආරම්භ කරනු ලැබුවේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල  යන  ආයතනසමග සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කරන්න අපි පියවර අරගෙන තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය කියන්නේ සංචාරක අමාත්‍යංශය පමණක් නොවේ.

යාල ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානය වෙත පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය විශාලයි. එම ප්‍රධාන සංචාරක දොරටුවට  දරාගැනීමට හැකි ප්‍රමාණයට වඩා විශාල සංචාරකයින් ප්‍රමාණයක් දිනකට පැමිණෙනවා. ඒ නිසා එහි තදබදය අවම කරමින් යාල වනඋද්‍යානයේ නව කලාප  සංචාරකයින්ට විවෘත කරන්න අපට අවශ්‍ය වුණා. මෙම කලාපයටත් ලුණුගම්වෙහෙර ප්‍රදේශයට අයත් අංක 5 සහ  6 කලාප ඇතුලත් වෙනවා. මෙම කලාපය විශාල සතුන් ප්‍රමාණයක් ගැවසෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන කලාපයක්. ඉදිරියේ දී අපි සංචාරකයින් සඳහා සඳහා නව ඇප්  එකක්  සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා එමඟින් සංචාරකයින්ට තමන්ගේ රටේ සිටම තමන් සංචාරය කරනු ලබන ස්ථාන තීරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

පහුගිය අවුරුද්දේ සිට කොවිඩ්  වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබෙනවා. නමුත් අද වෙනකොට ලෝකයේ රටවල් බොහොමයක් සංචාරකයින්ට නැවත විවෘත කරන්න  විවිධ වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙනවා .අපි ප්‍රමාද වුණොත් ඒ රටවල් අපට වඩා ඉදිරියට යනවා.ඒ නිසා අපි ලෝකයේ සංචාරක ව්‍යාපාරයට විවෘත වෙනකොට ක්‍රමානුකූලව සංචාරකයින් සඳහා රට සූදානම් කරලා තියන්න ඕනේ. ඒ සූදානම් කිරීම මේ දිනවල අපි කරමින් සිටිනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

WhatsApp Image 2021 06 30 at 10.52.51 2 1  WhatsApp Image 2021 06 30 at 10.52.52 1 
 WhatsApp Image 2021 06 30 at 10.52.50 1  WhatsApp Image 2021 06 30 at 10.52.51 3

සංචාරක පුවත්

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය