ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති  සාකච්ඡාවකදීය.අගෝස්තු මාසයට පෙර මෙම ගැසට් නිවේදනය  නිකුත් කිරීමට නියමිතය.ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ  සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතිය 178ක් ක්‍රියාත්මක කෙරේ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා " සංචාරක ව්‍යාපාරයට කොරෝනා වෛරසයෙන් ලොකු බලපෑමක් සිදු වෙලා. මේක ලෝකය පුරාම තිබෙන තත්ත්වයක්. රජයක් ලෙස අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ වෙනකොටත් සංචාරක අමාත්‍යාංශය  පළාත් සභා සමග සාකච්ඡා කර නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුපියල් මිලියන 300 ක ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම්.ඒ සමගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ආරුගම්බේ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කලා. එහි රුපියල් මිලියන දහසකට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කෙරෙනවා. ඉදිරි මාස දෙක තුළ, ඒ කියන්නේ  අගෝස්තු මාසයට පෙර   අරුගම්බේ සංචාරක කලාපයක් විදියට ගැසට් කරනවා. සංචාරක කලාපයක් කළාට පස්සෙ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලු කටයුතු සිදු වෙන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත අයගේ ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් සංචාරක ක්ෂේත්‍රයේ අයට සහන රැසක් ලබා දීලා තියෙනවා. ඉදිරියටත් සහන ලබා දීම ගැන සලකා බලනවා.ආරුගම්බේ විතරක් නෙවෙයි. පානම, කුමන වගේ අවට කලාපයම සම්පත් ආකරයක්.  ආරුගම්බේ සංවර්ධන ව්‍යාපෘතිය වසර දහයක සැලසුමකටයි ක්‍රියාත්මක වෙන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන්නේ තාවකාලික පසුබැසීමක් පමණයි. එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයට නැවතත් හොඳ කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ  අමාරු කාලයේ දී පහසුකම් වැඩි දියුණු කර හෝටල් ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන යමින් සංචාරකයින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ.මේ ප්‍රදේශය  සංචාරක කලාපයක් උනාම ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරනවා.

මෙම අවස්ථාවට රාජය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ  ඇතුළු පිරිසක් ද එක් වූහ.

 WhatsApp Image 2021 07 01 at 10.57.47

 

WhatsApp Image 2021 07 01 at 10.57.54

 

සංචාරක පුවත්

Veteran Indian Movie star promotes Sri Lanka across the world

Multi Award Winning Veteran Indian Actor Ashish Vidyarthi, known for his roles as a villain and many other roles in Bollywood , Tamil, Malayalam, Telugu, Kannada, Bengali, has arrived in Sri Lanka on special mission to support Sri Lanka Tourism Indu

Continue Reading

Sri Lanka Tourism returns to Spanish Market after pandemic

Spain is one of the fastest recovery markets for Sri Lanka Tourism after the pandemic and participation in FITUR argues well for the much-needed exposure for Sri Lanka as an attractive tourism destination for Spanish-speaking countries, contributing

Continue Reading
Exit
දිස්ත්‍රික්කය