සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි. කොවිඩ් හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තයට නව ආරම්භයක් ලබාදීම අරමුණයි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරි සති කීපය තුල දිවයිනේ සියලුම සංචාරක කළාප හා සංචාරකයන් පැමිණෙන දිස්ත්‍රික්ක වල එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත් ලබාදීමට අපේක්ෂිත ය.

වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව පසුගිය සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන 04 ක දී සංචාරක හෝටල් සේවක සේවිකාවන්500 දෙනෙක්, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියදුරන් හා සෆාරි රියදුරන් 150 ක් ඇතුළු දහසකට පමණ සයිනෝෆාම් එන්නත ලබාදීම සිදු කෙරිණ.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ 05 කට ආසන්න පිරිසක් නිරතව සිටින අතර ඔවුන්ගේ යැපෙනන් සංඛ්‍යාව ලක්ෂ 20 කට ආසන්නය.  කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 21 වෙනිදායි. 2020 දෙසැම්බර් මාසයේ සිට සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණි. සංචාරකයින්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා (ජුලි 08) සංචාරකයන් 17,642 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඉන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 188 දෙනෙකුට පමණි. මේ වන විට ඉන් 138 දෙනෙකුම සුව වී සිය මව්රට බලාගොස් තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ අවස්ථාව නිරීක්ෂණය සදහා එක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීරවිල ඩබල් ට්‍රී හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දි අවධාරණය කළේ මේ වසර තුළ ශ්‍රී ලංකා කොවිඩ් වලින් නිදහස් රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි. එම වැඩපිළිවෙල යටතේ සංචාරකයන්ට ද සුරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කියා සිටියේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

‘ලෝකය අද ක්‍රමයෙන් සංචාරකයින්ට විවෘත වෙන අවස්තාවේදී ඊට සූදානමක් හැටියට  අපි ආරම්භ කරපු වැඩසටහන් අතරින් වැදගත්ම දේ වන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙළයි. සංචාරකයින් ලංකාවට පැමිණීමෙන් මෙරට ජනතාවට කොවිඩ් පැතිරීමට අපි කිසිදු ඉඩකඩක් තබන්නේ නෑ. එවැනි ඉඩකඩක් අපි තැබුවෙත් නෑත පසුගිය කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් කොවිඩ් බෝ වූ බවට විපක්ෂය චෝදනා කළත් එය සම්පූර්ණයෙන් ම පදනම් විරහිතයි.

ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පැවති සාකච්ඡාවක දී එකඟත්වයපළ කළ පරිදි ඉදිරි සති කිහිපය තුළ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන සියළු දෙනාටම සහ ඒ අයගේ පවුල්වල අයටත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළතදී ජනාධිපතිවරයාත් රජයත් බලාපොරොත්තු වනවා අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට එන්නත ලබාදීම සඳහා.ඒ වගේම වසර අවසාන වන වන විට මේ රටේ ජනගහණයෙන් සියයට හැටකටඑන්නත් ලබාදීමට කටයුතු කරනු ලබනවා.එවිට රටක් හැටියට අපට සුරක්ෂිතභාවයත් ජනතාව තුළ ඇති කිරීමට හැකියාව ලැබෙනවා.මේ රට වසංගතයෙන් ආරක්ෂා කරගන්න නියම විදිහට ඉදිරියට ගෙන යාම තමයි ජනාධිපතිවරයා ගේත් අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත රජයේ ම අරමුණ වන්නේ. අපේ බලාපොරොත්තුව වන්නේ මේ වසර අවසාන වෙලා ලබන වසර ආරම්භ වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමයි ඒ සඳහා අපි උපරිම උත්සාහයක් දරනවා.

මෙහි දී අදහස් දැක් වු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂ කාලසීමාවකට රට එළඹ ඇති බවයි. දකුණු ආසියානු කළාපයේ කොවිඩ් වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාව බව ද ඔහු පෙන්වා දුන්නේය.

‘කොවිඩ් 19 වසංගතේ නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික සාමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙල අපි දැන් ආරම්භ කරලා තියෙනවා. එහිදී ප්‍රමුඛතම කාර්ය වන්නේ සහ ලෝකය ම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත් කරන වැඩපිළිවෙළයි. ඒ තුළ පමණයි රට සම්පුර්ණයෙන් ම විවෘත කිරීමට හැකි වන්නේ. මේ වන විට දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කර සාර්ථකම රට ශ්‍රී  ලංකාව කියලා කියලා හඳුන්වන්න පුළුවන් .

ඒ වගේම බුබුළු ක්‍රමය හරහා සංචාරක ව්‍යාපාරය දකුණු ආසියාතික රටක් විදියට ප්‍රථමයෙන්ම ආරම්භ කළේ අපි.

පසුගිය වසරේ එල් පී එල් තරගාවලිය ජෛව බුබුළු ක්‍රමය යටතේ අපි ආරම්භ කළා. ඒ අවස්ථාවේදී අසල්වැසි ඉන්දියාව වුණත් වුණත් ඒ විදිහට ක්‍රීඩා තරග පවත්වන්න සූදානම් වෙලා හිටියේ නැහැ .අපෙන් ලැබූ ආභාෂය මත තමයි පසුව දකුණු ආසියාතික රටවල් ජෛව බුබුළු ක්‍රමය හරහා ක්‍රීඩා තරග පවත්වන්න කටයුතු කළේ. ඒ වගේම අපේ සෞඛ්‍ය අංශය වසංගතය පාලනය කරන්න විශාල කැපවීමක් කළා. ප්‍රාදේශීය ලේකම් වරයාගේ සිට දිසාපතිවරයාගේ සිට සියළුම රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් කැපවීම් කළා .ඒ වගේම මේ රටේ ජනතාව ලොකු කැපවීමක් කළා. ඒ කැපවීම තුළ අදටත් ආර්ථික අපහසුතා මත වුණත් අද මේ වසංගතය පාලනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. අද වෙනකොට සුවිශේෂී කාල වකවානුවකට අපි ඇවිල්ල තියෙනවා. අපි ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එය ක්‍රියාත්මක කිරීමේදී මේ වෙනකොටත් බස්නාහිර පළාතේ ඉතාම සාර්ථකව 60%කට වැඩි ප්‍රමාණයකට එන්නත්කරනය කරමින් තිබෙනවා .ඒ වගේම ලංකාවෙ අනෙකුත් ප්‍රදේශ වලත් එන්නත්කරණය සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අතර සුවිශේෂී වන්නේ ආර්ථිකමය වැදගත් කමක් සහිත සහ රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන වෘත්තීන් වලට එන්නත් කරනය කිරීමේ වැඩපිළිවෙළ අපි ජනාධිපති වරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනවා. එහිදී ආයෝජන කලාප, කාර්මික ජනපද සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට එන්නත් කරන කිරීමේ වැඩසටහන පසුගිය සතියේ ආරම්භ කළා. මේ එන්නත් කරන ක්‍රියාදාමය තුළ මහා පරිමාණ සංචාරක හෝටල් වගේම මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ සංචාරක හෝටල් වගේම සංචාරක හෝටල් සමග බද්ධ වූ අනෙකුත් ව්‍යාපාර , සෆාරි ජිප්, කුඩා පරිමාණ කඩවල්, කුඩා වෙළඳ ව්‍යාපාර මේ සියලු සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සංචාරක ක්ෂේත්‍රයට එන්නත් කිරීමේ කටයුතු සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා .

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

  202617695 6428864413805687 5816234323679361626 n 

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය