ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ.ශ්‍රි ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම  සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්කොට ඇත.

කොවිඩ් තත්වය හේතුවෙන් ලොව පුරා ගොඩනැගෙන නව සංචාරක අංශයක් ලෙස ඩිජිටල් සංචාරක කර්මාන්තය හැඳින්වෙන අතර ඩිජිටල් සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  යෝජනා කර තිබේ.

 දැනට අර්බුදයට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සහ වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීම තුළින් ජාතික ආර්ථිකයට විශාල වශයෙන් දායක වීම සඳහා නව සංචාරක මාර්ගයක් ලෙස  ශ්‍රි ලංකාවද ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ශා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.    ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.

මෙම ඩිජිටල් සංචාරකයින් මාස කීපයක්, අවුරුදු ගණනක් ආදී වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටිම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ සංසරණය කරනු ලබයි.   

ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ බොහෝ සංචාරක ආකර්ශණීය රටවල් පියවර ගෙන ඇති අතර තායිලන්තයේ-චියැංමායි, පෘතුගාලයේ-ලිස්බන්  කොලොම්බියාවේ -මෙඩලින් සහ ඉන්දුනීසියාවේ- බාලි යන සංචාරක ආකර්ශණීය ප්‍රදේශ දැනට ඩිජිටල් සංචාරකයින්ගේ ප්‍රකට ගමනාන්ත ලෙස හැදින්වේ.

වසංගත තත්වය හමුවේ සෞඛ්‍යය නියාමනයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන ප්‍රවර්ධන ක්‍රියාමාර්ග වලින් එකක් ලෙස ඩිජිටල් සංචාරකයින් ආකර්ෂණීය කර ගැනීම හඳුන්වාදිය හැකි අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තක්සේරු කිරීමෙන් හා නිර්දේශ කිරීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ බදු සහන ලබාදීමට පියවර ගනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය