කොරෝනා වසංගත තත්වය හමුවේ අවදානම් තත්ත්වයට පත්ව ඇති සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා  ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය එකඟත්වය පළ කරයි.

12 වැනිදා පස්වරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සෞදි අරාබියානු සංචාරක අමාත්‍ය අහමඩ් අල් කාතීබ් මහතා අතර zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා දෙරටේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් දියත් කිරීමට එකඟත්වය පළ කර තිබේ.

 පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තය බරපතල අවදානම්  අවදියකට පත්ව තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ  පිළිබඳවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සෞදි අරාබියානු සංචාරක අමාත්‍යවරයා දැනුවත් කළේය. ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ මේ වසර අවසන් වන විට මෙරට ජනගහණයෙන් 60%කට කොවිඩ් එන්නත ලබාදී අවසන් කරන බවයි. මෙරට සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඉදිරි මාසයක කාලය තුළ එම පිරිස සම්පූර්ණයෙන්ම එන්නතකරණයට ලක් කිරිමට හැකි වනු ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා ශ්‍රී ලංකාව කොවිඩ් සුරක්ෂිත රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ද කීවේය.

සංචාරක කර්මාන්තය ගොඩනැංවීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කර තිබෙන ගෝලීය ප්‍රවර්ධන කටයුතු  සඳහා සහාය ලබාදෙන ලෙස  අමාත්‍යවරයා සවුදි අරාබියානු සංචාරක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර සෞදි අරාබියානු සංචාරක අමාත්‍ය අහමඩ් අල් කාතීබ් මහතා සඳහන් කළේ සෞදි අරාබිය සෑම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවයි.

2022 වසර වන විට ලෝක සංචාරක ව්‍යාපාරය  නැවත යථා  තත්වයට පත්වනු ඇති බවට අහමඩ් අල් කාතීබ් මහතා මෙහිදී  විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ශ්‍රේණිගත කිරීම් අනුව සෞදි අරාබිය දැනට සිටින්නේ විසි දෙවැනි ස්ථානයේ වන අතර ඉදිරියේදී වඩා වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත යොමුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සෞදි අරාබියානු සංචාරක අමාත්‍ය අහමඩ් අල් කාතීබ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ද zoom තාක්ෂණය ඔස්සේ සහභාගී විය.

 

01 1

සංචාරක පුවත්

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය