සමාජයීය ආර්ථික හා දේශපාලන ගැටළුවලට මැදිවෙමින් විවිධාංගීකරණය වූ මෙරට සංචාරක කර්මාන්තය රටේ  ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. සංචාරක හෝටල් සහ පල්ලි ඉලක්ක කරගනිමින් 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් සංචාරකයින්ද ඇතුළුව විශාල පිරිසක් ඝාතනය වීමත් සමඟ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම ආරම්භ විය. නව රජය පත්වීමත් සමඟ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර සංචාරක ව්‍යාපාරය සීග්‍ර වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය නිසා සංචාරක ඉලක්ක සපුරා ගැනීමට නොහැකි විය. මෙය සෑම රටකටම පොදු තත්ත්වයක් වුවද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් සහ සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ රටක් වීම නිසා සංචාරක ව්‍යාපාරයේ බිද වැටීමට ඉඩ හැර බලා සිටීමට නොහැකිය.

සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැක්කේ 2018 වර්ෂයයි. යුද්ධය අවසන්වීමෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරුවීමත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකවීමත් නිසා මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය වැඩිවිය. සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා පැවැති රජය ගෙනගිය වැඩපිළිවෙළඳ ඊට බලපෑවේය.

තෝරා ගන්නා සංචාරක ආකර්ශනීය ස්ථාන පහසුකම් සහිතව සංවර්ධනය කිරීම, නැරඹුම් ස්ථානවලට ළඟාවිය හැකි පරිදි මහාමාර්ග සංවර්ධනය, අධිවේගී මාර්ග ඉදිවීම, මත්තල ගුවන්තොටුපොළ ඉදිවීම, පාළම් ඉදිවීම ආදිය මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුක්ත වන පුද්ගලක අංශයේ දායකත්වයද ‍සංචාරක අංශයේ වර්ධනය සඳහා බලපෑවේය.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ සංචාරකයින් 2333796 ක් මෙරටට පැමිණ ඇත. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව එය 10.3% න් වර්ධනය වීමකි. සංචාරකයින් වැඩිවශයෙන් පැමිණීමක් සිදුවන්නේ දෙසැම්බර් මාසයේ වන අතර 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයින් 253169 ක් පැමිණ තිබේ. එම වසරේ සංචාරක ක්ෂේත්‍රයෙන් පමණක් ඩොලර් බිලියන 4.5 ක ආදායමක් ඉපයීමද විශේෂත්වයකි. මෙම ප්‍රහාර මාලාව එල්ලවීමට පෙර දිනක් තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සාමාන්‍යය 7600ක් වුවත් ප්‍රහාරයෙන් පසුව දෛනික පැමිණීම 1700ක් දක්වා සීග්‍රයෙන් අඩුවී තිබේ.

2018 වර්ෂයට වඩා 2019 වසරේ මිලියන 4 කින් සංචාරක පැමිණීමේ වැඩිවීමක් සිදුවනු ඇතැයිද 2019 දී ඩොලර් බිලියන 5ක සංචාරක ආදායමක් ළගා කර ගැනීමට හැකිවනු ඇතැයිද පැවැති රජය අපෙක්ෂා කර තිබුණත් ඒ සියල්ල සුණු විසුණු වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟයි. මෙම ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදුවූයේ සංචාරක කර්මාන්තයටයි. ගුවන් ප්‍රවාහන සේවා, දේශීය ප්‍රවාහනය, තොග හා සිල්ලර වෙළඳපොළ ප්‍රවණතා, 2019 වසර අවසානයේ පැවැති අහිතකර කාලගුණික තත්ත්වය මෙන්ම ඉකුත් ජනාධිපතිවරණය තෙක්ම රටේ පැවැති අවිනිශ්චිත දේශපාලන තත්ත්වයද සංචාරක ව්‍යාපාරයේ බිදවැටීමට දිගින් දිගටම බලපෑවේය. මේ අතර 2019 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ ජාතික ආරක්ෂාව පිළිබදව ඇති වූ විශ්වාසය මත සංචාරක පැමිණීම සීඝ්‍රයෙන් වැඩිවිය. 2019 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරකයින් 176984ක් ද, දෙසැම්බර් මාසයේදී සංචාරකයින් 241663ක් ආදී ලෙස සංචාරක පැමිණීමේ වර්ධනයක් සිදුවූයේ එහි ප්‍රතිඵලයක් මතයි. නව රජයේ සංචාරක අමාත්‍යවරයා ලෙස පත්වූ ප්‍රසන්න රණතුංග මහතාද සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබිණි.

නමුත් ලෝකයම කොරෝනා වසංගතයෙන් පීඩා විදීම නිසා ලොව පුරා සංචාරක කර්මාන්තය බිද වැටිණි. ජනතාව හුදකලා කරමින් නිවෙස්වලටම සීමා කිරීමට බොහෝ රටවල් පියවර ගත්තේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමටයි. ගුවන් තොටුපල වසා දැමීම, ගුවන් ගමන් සීමා කිරීම, වෛරස ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවනවා යැයි තෝරා ගත් රටවලට ගුවන්ගමන් අවලංගු කිරීම ආදී තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් ඉදිරියට යමින් විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් තිබුණු ලෝකයේ සිදුවේ යැයි නොසිතූ  දේ පවා සිදුවිය. මේ ආකාරයෙන් වසර තුනක් තුළ දිගින් දිගටම ඇදවැටුණු සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය කිරීම අභියෝගයකි. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා සංචාරක අමාත්‍යවරයා සහ සංචාරක සංවර්ධන අධිකාරිය සූදානම්ය.

සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියවල නියුතු ලක්ෂ 5ක පමණ පිරිසකගේ ආදායම් මේ නිසා අහිමි වූ අතර  ඔවුන්ගෙන් යැපෙන්නන් ප්‍රමාණය ලක්ෂ 30ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මේ නිසා මාර්ගෝපදේශකයින්, සංචාරක රියදුරන් ලියාපදිංචි කර සහන ලබාදිමට ද අමාත්‍යංශය පියවර ගත්තේය. මෙහිදී සංචාරක මාර්ගෝපදේශකයින් සහ රියදුරන් සදහා සහන ලබා දිමට රුපියල් මිලියන 40ට වැඩියෙන් වැය කර ඇත. සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු මෙම කණ්ඩායම කිසිදිනෙක රජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වෙමින් සිය රැකියාව කරගෙන ගිය පිරිසක් වීම ද විශේෂත්වයකි. වසර තුනක් වැනි කාලයක් සිය ආදායම් මාර්ග අහිමි වීම නිසා මොවුන් දැඩි අපහසුතාවලට ලක්ව සිටියි.

‍කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවද දෙවරක් රට වසා දැම්මේය. ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ විදේශීය සංචාරකයින්ට ලංකාවට පැමිණීමේදී අනුගමනය කළ යුතු ‍කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගත්තේය. සති දෙකක නිරෝධායන කාලයකට යටත්ව, කොවිඩ් 19 රක්ෂාවරණයක්ද අනිවාර්යය කරමින්, සංචාරක කණ්ඩායම් මිශ්‍රවීමට ඉඩ නොදී දැඩි පාලනයකට යටත්ව සංචාරක ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට පියවර ගත්තේය. මෙම සංචාරකයින් විවිධ ස්ථාන නැරඹීමට යාමේදී ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමය අනුගමනය කිරීමද විශේෂත්වයකි. මෙසේ ඇරඹුණු සංචාරක ව්‍යාපාරයට අදාලව සෞඛ්‍ය ආරක්ෂණ නීතී රීතී එන්නත්කරණ වැඩපිළිවෙළ සමඟ තවත් ලිහිල් වෙමින් පවතියි. කෙසේ වෙතත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රට නැවත විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් 18200ක් පමණ ‍මෙරටට පැමිණ ඇති අතර එමගින් ඩොලර් මිලියන 40ට ආසන්න ආදායමක් ඉපයීමටද හැකිව තිබේ.

සත්‍ය තොරතුරු මත පදනම් නොවී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධව කරන යම් යම් ප්‍රකාශ නිසා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ වැඩපිළිවෙළට බාධා සිදුවන අවස්ථාද තිබෙයි.  සංචාරකයින් නිසා කොවිඩ් පැතිරෙනවා යැයි කරන ප්‍රකාශය ද එවැනි සත්‍ය තොරතුරු මත පදනම් නොවී කළ ප්‍රකාශයකි. මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාධිතයා සංචාරක මගපෙන්වන්නෙක් බව සත්‍යයකි. දෙවැනි කොවිඩ් රැල්ල ඇතිවූයේ මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයෙක්ගෙන් බවට කෙරෙන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නැත. දෙවැනි කොවිඩ් රැල්ල ඇති වී තිබුණේ  නියමු ව්‍යාපෘතිය යටතේ සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පැමිණි ගුවන් යානා නියමුවෙක් මාර්ගයෙනි. එය ද හෝටලයක් විසින් සංචාරක සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි  ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවකි.

 ඉන්දියානු හා අප්‍රිකානු කොරෝනා ප්‍රබේද මෙරටට බෝවූයේ සංචාරකයින් හරහා යැයි කරන ප්‍රකාශයද ඒ ආකාරයෙන්ම සත්‍ය තොරතුරු මත පදනම් නොවී කරන ප්‍ර‍කාශයකි. ඒ පිළිබඳ කළ විමර්ශනවලදී අනාවරණය වූයේ විදෙස්ගතව සිට සිය සේවය අවසන් කර නැවත පැමිණි විදෙස්ගත ශ්‍රමික‍යන්ගෙන් එම ප්‍රබේදය මෙරට පැතිරුණ බවයි.  මේ ආකාරයේ වැරදි ප්‍රකාශ නිසාත් සංචාරක කර්මාන්තය යළි ගොඩනැගීම පිළිබඳ ජනතාව තුළ යම් බියක් පවතියි.

වෛරසය සීග්‍ර ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොතිබීම නිසා රටවල් වසා දැමූවද ඒ පිළීබඳ වැඩිදුර අධ්‍යයනයන්වලින් පසුව එන්න්කරණයත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් රටවල් පවත්වාගෙන යාමට සෑම රටක්ම පියවර ගනිමින් සිටියි. මේ ක්‍රමවේදයෙන් බැහැරවී හුදකලාව සිටීමේ හැකියාවක් කිසිදු රටකට නැත.අපටත් ඊට අනුගත වීමට සිදු වේ.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ සාර්ථකම ක්‍රමවේදය බවට ලෝකයම පිළිගන්නේ එන්නත්කරණයයි. ශ්‍රී ලංකාවද එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර සිටින අතර මේ වන විට රට පුරා සෞඛ්‍ය අංශ අධික්ෂණය යටතේ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක‍ වෙයි. මේ වන තෙක් එකම එන්නතක්වත් තමන්ගේ රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ රටවල් අතර අප සිටින්නේ ප්‍රශස්ත මට්ටමක ය. ඇස්ට්‍රො සෙනිකා, ස්පුට්නික්, ෆයිසර්, සිනොෆාම්, මොඩර්නා  ආදී සෑම එන්නතක්ම මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. එපමණක් නොව හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණ චීනයේ සිනොවැක්  එන්නත මෙරට දේ නිපදවීමට ද පිඹුරුපත් සකසමින් තිබේ. මේ වන විට දකුණු ආසියාවේ වේගවත්ම එන්නත්කරන  වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ  ශ්‍රී ලංකාවෙයි.  එන්නත්කරණ වැඩපිළිවෙළට  සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නැංවීමටද රජය මේ වන විට සැළසුම් සකස් කරමින් පවතියි. සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තිකයින්ට කොවිඩ් එන්නත ලබාදීම මේ වන විටත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකෙරෙන අතර සංචාරක ක්ෂේත්‍රය විශේෂ කරමින් රැකියාවල නියුක්ත 18ට වැඩි සියලු දෙනාට එන්නත දීම සඳහාද පියවර ගෙන තිබේ.

විදෙස් රටවල සිටින මෙරට තානාපතිවරු සමඟ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්   මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සංචාරක අමාත්‍යවරයා විසින් මේ වනවිටත් ආරම්භ කර ඇත. සෑම රටක්ම සිය රටේ සංචාරක ව්‍යාපාරය නැංවීම කෙරෙහි තරගකාරී ලෙස ප්‍රවර්ධන කටයුතු සිදුකරීම සදහා  සූදානම් වීමටත් පෙර අපි ඒ සඳහා සූදානම්ය.

" ලොවටම බලපෑම් කරපු වෛරසයක් එක්ක සංචාරක ව්‍යාපාරය නැංවීම පහසු කාර්යයක් නෙවෙයි. අපිට මෙවැනි අත්දැකීමක් පළමු වතාවට ලැබුණත් ඉතිහාසය පුරා මෙවැනි දේවල් සිදු වෙලා තියෙනවා. ලෝක ඉතිහාසය  අධ්‍යයනය කරනකොට අපිට පේනවා එන්නත්කරණය තුලින් ඒ වෛරසවල සක්‍රීයභාවය අඩපණකර කාලයක් යනකොට  සමහර වෛරස ලෝකයෙන් තුරන් වී ගිය බව. කොරෝනා වෛරසය එරෙහිව මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඇති කරන එන්නත් කිහිපයක්ම මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒ සෑම එන්නතක් ම ලංකාවට ලැබිලා තියෙනවා. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙළක් ඉදිරියෙන් තියෙන්නේ. එන්නත්කරනය සමඟ තව කාලයක් යනකොට කොරෝනා වෛරසය ජීවිත  අවදානමින් තෝර සාමාන්‍ය  වෛරසයක් බවට පත් වෙන්නත් පුළුවන්.

ජනතාවගේ ආදායම් මාර්ග,කෑම බීම,අධ්‍යාපනය ආදී මේ සෑම දෙයක්ම  නැවත සාමාන්‍ය පරිදි සිදුවිය යුතුයි . ඊට අවශ්‍ය පසුබිම රජය සකස් කරමින් තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන දෙමින් සංචාරක ව්‍යාපාරය යථාවත් කරන්න අපි පියවර ගන්නවා. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියා කරන අයගෙන් සෘජුව හා වක්‍රව යැපෙන්නන් ප්‍රමාණය ලක්ෂ 80ක් විතර වෙනවා. සංචාරක ශ්‍රේෂ්ත්‍රය කියන්නේ අපිට නොසලකා ඉන්න බැරි ක්ෂේත්‍රය ක්" යි පවසන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටින්නේ සංචාරකයින්ගෙන් ජනතාවට ත් ජනතාවගෙන් සංචාරකයින්ටත් කොරෝනා  වෛරසය ආසාදනය නොවන  "කොවිඩ්  ෆ්‍රී"  රටක් ලෙස සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට "by one get one" සහනයක් ලබාදීමට ගුවන් සමාගම් සමග සාකච්ඡා ආරම්භ කර ඇත. සංචාරකයන් සඳහා සහන පැකේජ  හදුන්වා දෙන ලෙස හෝටල් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට දැනුම් දී තිබේ. සංචාරකයින් නිසා කොරෝනා වෛරසය බෝ වන බවට සමාජයේ පැතිර පවතින මිත්‍යා මත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් සූදානම් වෙයි. සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හා වැඩි වශයෙන් නැරඹීමට පැමිණෙන ස්ථානවලට ඇතුල්වීමේ දී අයකරන ඇතුළුවීමේ ගාස්තුවලට පවා සහන දීමට   සංචාරක සංවර්ධන අධිකාරිය සූදානම්ය. ආසියානු කලාපයේ  හා ජර්මන් කලාපයේ සංචාරකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන මෙම  සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්  තුළින්  ඉදිරියේදී දිනක්ට සංචාරකයින් පන්සීයත් දහසත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණේ යැයි අනුමාන කෙරේ. 

වසංගත තත්වයත් සමග තරගකාරී ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු වල  යෙදෙන සෑම රටක්ම සංචාරකයින්ගේ රටවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සෞඛ්‍යය නිර්ණායක නිකුත් කිරීම සිදුවේ. කොරෝනා වෛරසය සඳහා  නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටින සංචාරකයින්ට ගුවන්තොටුපොළේ දී සිදුකරනු ලබන පළමු පීසීආර් පරීක්ෂණ වාර්තාව "negative " වුවහොත් කිසිදු බාධාවකින් තොරව සංචාරය කිරීමට අවසරය හිමි වෙයි. ගුවන්තොටුපල පරිශ්රයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් පිහිටුවන අතර නව තාක්ෂණ ක්‍රමවේද සහිතව පිහිටුවන එම පරීක්ෂණාගාරය හරහා පැය තුනක් වැනි කෙටි කාලයක් තුළදී  පී.සී.ආර් වාර්තාවක් නිකුත් කෙරේ.

මේ සියල්ලෙන්ම රජය අපේක්ෂා කරන්නේ පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා  වර්ධනීය තත්වයක් ලඟා කර ගැනීමටයි.

සංචාරක කර්මාන්තය මෙන්ම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය  ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ඉතා ඉක්මනින් පැවැති තත්ත්වයට ගෙන ආ යුතුයි. ඒ සඳහා  කොවිඩ් පොසිටිව් නොවන ආකාරයේ සෞඛ්‍යාරක්ෂිත  හැසිරීමක් මෙන්ම පොසිටිව් මිනිස් චින්තනයක් හැඩගස්වා ගැනීමත් වැදගත්ය.

 WhatsApp Image 2021 07 21 at 09.45.11 1  WhatsApp Image 2021 07 21 at 09.45.15 WhatsApp Image 2021 07 21 at 09.45.18 
 WhatsApp Image 2021 07 21 at 09.45.21  WhatsApp Image 2021 07 21 at 09.45.22  WhatsApp Image 2021 07 21 at 09.45.22 1

සංචාරක පුවත්

Veteran Indian Movie star promotes Sri Lanka across the world

Multi Award Winning Veteran Indian Actor Ashish Vidyarthi, known for his roles as a villain and many other roles in Bollywood , Tamil, Malayalam, Telugu, Kannada, Bengali, has arrived in Sri Lanka on special mission to support Sri Lanka Tourism Indu

Continue Reading

Sri Lanka Tourism returns to Spanish Market after pandemic

Spain is one of the fastest recovery markets for Sri Lanka Tourism after the pandemic and participation in FITUR argues well for the much-needed exposure for Sri Lanka as an attractive tourism destination for Spanish-speaking countries, contributing

Continue Reading
Exit
දිස්ත්‍රික්කය