ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. ඒ අනුව රුසියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය  කිරීමට රුසියානු රජයේ පූර්ණ සහාය පළවේ.

මේ දිනවල රුසියාවේ නිළ සංචාරයක යෙදී සිටින සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (03) රුසියානු සමූහාණ්ඩුවේ සංචාරක කටයුතු පිළිබද ෆෙඩරල් ඒජන්සියේ නියෝජ්‍ය ප්‍රධානී Elena V. Lysenkova මහත්මිය හා එරට ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබද දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී           Smilevets Demyan Olegovich මහතා සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ දී මේ සදහා පූර්ණ එකගතාවය පළ ව තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ මොස්කව් නුවර පිහිටි රුසියානු සමූහාණ්ඩුවේ සංචාරක කටයුතු පිළිබද ෆෙඩරල් ඒජන්සියේදී යි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය හමුවේ මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා අනුගමනය කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබද ව රුසියානු සංචාරක බළධාරීන් දැනුවත් කළේය. රුසියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සදහා ලබන මස මුල සිට ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී එකගතාවය පළ කෙරිණි. රුසියානු හා ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සමග ස්ථාවර සන්නිවේදන ව්‍යුහයක් ගොඩනැගීමටත් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහි දී තීරණය විය.

රුසියාවේ සංචාරක සමුළු, සංචාරකයන් ඉලක්ක කරගත් ප්‍රදර්ශන, රුසියානු මාධ්‍ය වේදින් සදහා ප්‍රවර්ධන සංචාර මෙන්ම එරට ව්‍යාපාරිකයන් සදහා ශ්‍රී ලංකාවේ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර මෙහි දී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන් ම සිටින රටක් බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සුරක්ෂිත බවයි. මෙරට ජනගහණයෙන් 75%කට මේ මාසය අවසන් වීමට පෙර කොවිඩ් එන්නත ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

රජයේ අපේක්ෂාව වන්නේ සංචාරකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ටත්, ශ්‍රී ලාංකිකයන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ් පැතිරීම වැළැක්වීම බව ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව යළි සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුව මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියානු කළාපයේ රටවලිනි. පසුගිය කාලය තුළ සංචාරකයන් 25,476 ක් මෙරටට පැමිණ තිබේ. ඉන් කොවිඩ් අසාදිත ලෙස වාර්තාවුණේ 203 දෙනෙකු පමණි. එය 0.79% ක ප්‍රතිශතයක් පමණක් බව ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රුසියානු සමූහාණ්ඩුවේ සංචාරක කටයුතු පිළිබද ෆෙඩරල් ඒජන්සියේ නියෝජ්‍ය ප්‍රධානී Elena V. Lysenkova මහත්මිය මෙහි දී සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ශ්‍රී ලංකාවට රුසියානු රජයේ පූර්ණ සහාය ලබාදීමට එකගතාවය පළ කළාය. කොළඹ - මොස්කව් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට හේතුවක් බව ද ඇය කීවාය. රුසියානු ගුවන් සේවා ලබන මාසයේ සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එවිට දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ ඒකාබද්ධ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරිමට හැකිවනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කළාය.

මෙම සාකච්ඡාවට ගුවන්තොටුපළ, අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීහු ද සහභාගී වුහ.

news 1

සංචාරක පුවත්

Sri Lanka Tourism Expands Its Presence in the South Korean Market Through the Successful Busan Mega Roadshow 2026

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Signiel Hotel Busan, reaffirming Sri Lanka's commitmen

Continue Reading

Sri Lanka’s Participation at the Let’s Travel International Tourism Forum 2026, Moscow, Russian Federation

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) successfully participated in the 6th Let’s Travel International Tourism Forum (ITF) 2026, held from 10–14 June at the VDNH Exhibition Complex in Moscow, the largest outdoor exhibition venue in the city.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය