වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය ( IFTM TOP RESA 2021 ) හෙට (05) ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වේ. ඊට සහභාගී වීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) දිවයිනෙන් පිටත්ව ගියහ. මේ මස 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැත්වෙන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සංචාරක ක්ෂේත්‍ර‍යේ නියැලි වෘත්තිකයන් රැසක් සහභාගී වීමට නියමිතය.

IFTM TOP RESA ප්‍රදර්ශනය වාණිජමය සංචරණය, විනෝදාස්වාදය හා කණ්ඩායම් යන අංශ ආවරණය කරන ප්‍රංශයේ ප්‍රධානතම සංචාරක වෙළද ප්‍රදර්ශනය වේ.

ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනය වෘත්තිමය සංචාරක ක්ෂේත්‍ර‍යේ ප්‍රමුඛ ප්‍රදර්ශනයකි. මුලින් එය TOP RESA නමින් හැදින්විය. 2009 වසරේ එය යලි IFTM TOP RESA යන නමින් වර්සෙල්හි පැවැත්වීමට කටයුතු යෙදුනි.

IFTM ප්‍රදර්ශනය අග්‍රගණ්‍ය හමුවීමේ තොතැන්නක් මෙන්ම වාණිජමය අවස්ථා හා ප්‍රංශ සංචාරක වෙළදපොලට මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට ද බලවත් රුකුලක් වන අතර, මෙමගින් නව වෙළද පාරිබෝගික සබදතා හා වාණිජමය ගනුදෙනු මෙන්ම සබදතාවයන් ගොඩනගා ගැනීම සහතික වන තීරණ ගැනීමේ හැකියාවෙන් යුත් ඉහල පෙලේ වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාවක් වනු ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර 2019 වර්ෂයේදී පමණක් ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 28ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී විය.

ගමනාන්ත 200ක් වෙළඳ සන්නාම 1700ක් මෙන්ම සංචාරක වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රංශයේ රැදී සිටින කාලය තුල එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට ද නියමිතයි. එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම නොවැම්බර් 01 වෙනිදා සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි. ඊට අමතරව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එරට සංචාරක අමාත්‍යවරයා සමග ද රණතුංග මහතා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මීට අමතරව ප්‍රංශ හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද මෙරට ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.

සංචාරක පුවත්

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය