ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සංචාරක ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩසටහනක් සැකසෙයි. දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණයි.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන්ග් (Woonjin Jeong) මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (29) පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක අමාත්‍ය කාර්යාලයේ දියි.

කොරියානු තානාපතිවරයා මෙහි දි කියා සිටියේ දකුණු කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට සංචාරය සදහා පැමිණීමට වැඩි කැමැත්තක් දක්වන බවයි. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් බවත් මෙරට ස්වභාව සෞන්දර්ය විද ගැනීමට කොරියානු ජාතිකයන් විශේෂ කැමැත්තක් දක්වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ඉදිරියේ දි කොරියාවේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය නගා සිටුවිම සදහා රජය විශේෂ අවධානය යොමු කර ඇති බවත් ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේ ය.

වසංගත තත්ත්වය හේතුවෙන් නතර කෙරුණු කොරියානු ගුවන් සේවයේ ගුවන් ගමන් යළි ආරම්භ කිරීම, කොරියාවේ පැවැත්වෙන  Costa සංචාරක ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා කොරියානු තානාපතිවරයා සමග කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Lem So Yean, පර්යේෂණ නිළධාරි , Byeon Jeong Hun, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහු ද සහභාගි වුහ.

420ec26a 92b6 4024 9dc0 39d44edd5c37

 

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය