• තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නෑ...
  • සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වන බව ඇමති ප්‍රසන්න රණතුංග කියයි....

තහනම් කෙරුණු  රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ  නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද කීවේය.

ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග ඇතුළු ජාත්‍යන්තර තරග ක්‍රීඩා වලට සහභාගී වන සහ එම තරග නැරඹිමට එන අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කළේ පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට එම තරග නැරඹීම සදහා මෙරටට පැමිණීමට හැකිබවයි. ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ  සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු කීවේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් 90%කට ආසන්න පිරිසක් එන්නත්කර තිබේ. එහෙත් කොවිඩ් වලින් පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය.

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය