• මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි..
  • නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 ඇවිත්....

මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වෙනි දා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872 කි. නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ අනුව වැඩිම සංචාරක පිරිසක් පසුගිය දින 28 තුළ පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 13,368 කි. ඉන්දියාවට පසු පසුගිය දින 28 ක කාලය තුළ වැඩිම සංචාරක පිරිසක් පැමීණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 3,449 කි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර 06 කට පසු රුසියාවට සහ ප්‍රංශයට සෘජු ගුවන් ගමන් ද ආරම්භ කළ අතර රුසියාවේ AERO FLOT ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIR FRANCE ගුවන් සමාගමත්, ශ්‍රී ලංකාවට මේ මස මුලදි සෘජු ගුවන් ගමන් ආරම්භ කළහ. මේ තත්ත්වය එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වීමට හේතු වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට යුරෝපා කළාපයේ රටවල් ගණනාවක ශ්‍රී ලංකාව විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කොට ඇත. ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සංචාරක පුවත්

Wildlife and Nature-based Purpose-driven travel to play a pivotal role in Tourism Promotions in the UK -2025

Sri Lanka Tourism successfully promoted its renewed focus on purpose-driven travel through major event held in the United Kingdom, emphasizing the island’s rich biodiversity and unique nature-based tourism experiences. The initiative was aimed at pos

Continue Reading

British National Honored for Heroic Efforts in Ella Bus Tragedy

Colombo, Sri Lanka — September 10, 2025 A heartfelt felicitation ceremony was held at the Parliament of Sri Lanka to honor Ms. Amy Victoria Gibb, a British national, for her extraordinary humanitarian service during the tragic bus accident on Ella–Ra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය