• සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර  ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි...
  • පස් අවුරුදු ගෝලීය සන්නිවේදන වැඩසටහන සම්බන්ධීකරණය සදහා විශේෂ ලේකම් කාර්යාලයක්...
  • පසුගිය දින 12 ට සංචාරකයන් 24,773 ක් දිවයිනට ඇවිත්....

සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර  ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.

මෙම පස් අවුරුදු ගෝලීය සන්නිවේදන වැඩසටහන සම්බන්ධීකරණය සදහා විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටු වීමට නියමිතයි. ඒ සදහා පත් කළ සියලු ආයතන සම්බන්ධීකරණය, කළමණාකරණය හා අධීක්ෂණය මෙම ලේකම් කාර්යාලයට පැවරේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහා පස් අවුරුදු ඒකාබද්ධ ගෝලීය සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව දේශීය වශයෙන් දැන්වීම් ප්‍රචාරක වැඩසටහන් කළමණාකරණ දැන්වීම් ප්‍රචාරක වැඩසටහන් කළමණාකරණ ඒකකයක්, නිර්මාණකරණ නියෝජිත ආයතනයක්, පර්යේෂණ නියෝජිත ආයතනයක් පත් කර තිබේ. ඊට අමතරව ශ්‍රි ලංකා සංචාරක ව්‍යාපාරායේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපළ 25 ක් ආවරණය වන පරිදි ජාත්‍යන්තර වශයෙන් පත් කරන ලද මහජන සබදතා සමාගම් (PRCS) 08 ක් හා ගමනාන්ත නියෝජිත සමාගම් (DRC) 08 කින් සමන්විත නියෝජිත ආයතන ව්‍යුහයක් ද ස්ථාපිත කර ඇතැයි ඇමතිවරයා කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. මීට පෙර මෙවැනි ඒකාබද්ධ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස සංචාරක විෂයභාරව සිටි කාලයේයි. ඉන්පසු මෙවැනි ගෝලිය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරුණේ වත්මන් රජය යටතේයි. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2025 වසර වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරිමට අපේක්ෂා කෙරේ. දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂිත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 06 කි. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද මෙම ඉලක්කයේ වෙනසක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ගෝලිය ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රෙලියාව, රුසියාව, ගල්ෆ් කළාපීය රටවල්, ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, පෝලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කෙරේ. මෙහි දි ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සදහා විවිධ ක්‍රියාකාරකම් සිදු කිරිමට අපේක්ෂිතයි.

මේ අතර මේ වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිම ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඇමතිවරයා කියා සිටී. පසුගිය දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ තිබේ. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු දෙසැම්බර්  මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 129,762 කි.  ඉන්දියාව , රැසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, මාලදිවයින යන රටවලින් මෙම සංචාරකයන් පැමිණ තිබේ. ශීත කාලය ඉලක්ක කරගනිමින් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි. එම රටවල ගුවන් සමාගම් කිපයක් ම ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචරණ සීමා යාවත්කාලින කිරිම ද, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනයට හේතු වි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය