• ගාලු කොටුවේ මාරක පිම්ම තවදුරටත් පවත්වාගෙන යාමට විකල්ප වැඩපිළිවෙලක්....
  • ඇමති ප්‍රසන්නගෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින්ට උපදෙස්....

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට ඒය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසර 15 ක් පමණ තිස්සේ එම ස්ථානයේ සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට පසුගිය සිකුරාදා සිට එම ක්‍රියාවේ නිරත වීමට නොහැකි බව වාර්තා වි තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමතිවරයා පුරාවිද්‍යා නිළධාරින් සමග ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.  එහි දි අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන් ම නතර වි නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදිකර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වි ඇති බව මෙහි දි සදහන් කෙරිණි.

ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හදුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සදහා සංඥා සැපයිම සදහා භාවිතා කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරිහු මෙහි දි කියා සිටියහ. මෑතක දී කල සංරක්ෂණ වල පැරණි ප්‍රදිපාගාරයේ පාදම හා කොඩිය රැද වු ස්ථානය හමුව තිබේ. අදාළ කොඩිය රැදවු ස්ථානයේ ඇණ පවා මතුව ඇතැයි පුරාවිද්‍යා නිළධාරිහු කියා සිටියහ.  තරුණයන් එක් පිම්මක් සදහා දිවයන්නේ එම ස්ථානය හරහා බව ද ඔවුහු පෙන්වා දුන්හ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සදහන් කළේ  ලෝක බැංකු ආධාර යටතේ මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

ඇමති  ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ තරුණයන් කිපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ජනප්‍රිය බවයි. ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න  යැයි පුරාවිද්‍යා නිළධාරින්ගේන් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

 e2fe860b ac4f 4d42 a8ca 63235e7df989

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය