රටවල් 03  ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. බංගලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව එම රටවල් තුනයි.

බංගලාදේශය සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සදහ යෝජනාව ඉදිරිපත් කෙරුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශයේ නිළ රාජ්‍ය සංචාරයක යෙදුණු වකවානුවේයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍ර යේ සහයෝගිතාව පිළිබද ව ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරණ ක්‍රිියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ ගිවිසුම කෙටුම්පත් කර තිබේ. කාම්බෝජය රජය විසින් කරන ලද යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක ක්ෂේත්‍රය සහයෝගතා පිළිබද අවබෝධතා ගිවිසුම අත්සන් කරන අතර ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. දකුණු අප්‍රිකානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

ඊට අමතරව මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සදහා හදුනා ගත් රටවල් ගණනාවක් සමග ඉදිරියයේ දි අවබෝධතා ගිවිස්මු වලට එළඹීම සදහා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වාදෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන් රටවල් සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බව ද කියා සිටි.

සංචාරක පුවත්

SLTPB Hosts French Media Tour Featuring Rugby Legend Serge Betsen to Promote Sri Lanka Tourism

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) took a leading role in a initiative to showcase Sri Lanka as a premier tourist destination in France and Europe by hosting a dedicated media tour from France. The tour coincided with the visit of celebra

Continue Reading

Sri Lanka Is Ready: Tourism Rebounds with Renewed Confidence

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය