මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම (Mobile App) මේ වසර තුල හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ජංගම යෙදවුම Visit Sri Lanka ලෙස නම් කර තිබෙන අතර එය මේ වනවිට සකස් කෙරෙමින් තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි. නව යෙදවුම හඳුන්වාදීමත් සමග සංචාරක ව්‍යාපාරයට අදාල සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම සංචාරක ජංගම යෙදවුම මෙරට සංචාරක ව්‍යාපාරයේ නව හැරවුමක් වනු ඇති බවට විශ්වාසය පල කරන ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මක කරන බවද කියයි.

www.hotelshipo.com ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරකයන් හෝටල් වෙන්කිරීමේ දුරකථන ජංගම යෙදවුම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට හඳුන්වා දීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.උත්සවය පසුගිය සිකුරාදා (18) සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කල www.hotelshipo.com සමාගම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමකි. ඔවුන්ගේ ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට පවතින මිල ගණන් වලටම හෝටල් හා නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට හැකියාව ලැබේ. සියලුම විදේශ මුදල් හරහා මෙම වෙන්කර ගැනීම් සිදුකර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මෙරට තුල ක්‍රියාත්මක මේ ආකාරයේ ජංගම දුරකථන යෙදවුම් විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන අතර මේ නිසා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් රටට අහිමි වන බව අදාල සමාගම පවසයි. මෙම ජංගම යෙදවුම  සඳහා මෙරට සියලුම හෝටල් වල තොරතුරු ඇතුලත් කිරීමට නියමිතයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ දේශිය ආයතනයක් මෙවැනි ජංගම යෙදවුමක් හඳුන්වා දීම ඉතා ප්‍රශංසනීය බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ හෝටල් වෙන්කිරීම, ප්‍රවාහන පහසුකම් සැලසීම, මාර්ගෝපදේශකයන් අභ්‍යන්තර ගුවන්ගමන් වෙන්කිරීම් සහ සංචාරක ආකර්ශනීය ස්ථාන වලට ඇතුළුවිය හැකි ආකාරයට මධ්‍යම මෘදුකාංග පද්ධතියක් (Single boking software) සකසන බව සඳහන් වේ. Visit Sri Lanka  නිල සංචාරක ජංගම යෙදවුම එහි ආරම්භයයි.  මෙම සංචාරක ජංගම යෙදවුමට සංචාරක ස්ථාන, හෝටල්, ආපනශාලා, සංචාරක තොරතුරු, ගූගල් සිතියම්, ශ්‍රේණිගත කරන  ලද සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක පොලීසී හදිසි ඇමතුම් සේවා ඇතුලත් කිරීමට අපේක්ෂිතයි.

සංචාරක කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම කඩිනම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් දැනටමත් මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවත් මේ සඳහා පෞද්ගලික අංශයේ සහය අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය. සංචාරක ව්‍යාපාරය සඳහා නවීන තාක්ෂණය යොදාගැනීමේදී දේශිය ආයතන වලට ප්‍රමුඛතාව ලබාදීමටද රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.සනන්සූරිය,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ, hotelshipo ආයතනයේ සභාපති හා කලමනාකරණ අධ්‍යක්ෂ කීර්ති හේරත් යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

mobile app

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Its Potential as a Top Travel Destination at Roadshows in Australia and New Zealand

Sri Lanka Tourism Promotion Bureau (SLTPB) recently demonstrated the island nation’s tourism potential through a series of successful roadshows in Australia and New Zealand, highlighting Sri Lanka as a premier travel destination for international tra

Continue Reading

Sri Lanka Tourism shows its colors at the Embassy Festival in Hague, Netherlands

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka in the Hague, had the opportunity of showing that it’s a travel destination visiting at least for once in a lifetime, which spread the island destinations ‘uniqueness all across the Eu

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය