මෙරට රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මේ වන විට රුසියාව හා යුක්රේනය අතර වර්ධනය වි ඇති අර්බුදය හමුවේ දැනට සංචාරය කරමින් සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන්ට පවතින තත්ත්වය සමනය වනතුරු නැවත සිය රටවලට යාමට නොහැකි බැවින් ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට රුසියානු සංචාරකයන් 11,463 ක් හා යුක්රේන සංචාරකයන් 3,993 ක් මෙරට තුල රැදි සිටිති.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රුසියාව හා යුක්රේනය ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන රටවල් දෙකක් බවයි. මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මස 27 වන දින දක්වා මෙරටට පැමිණ ඇති රුසියානු සංචාරකයන් සංඛ්‍යාව  28,392 කි. යුක්රේන සංචාරකයන් 13,039 ක් පැමිණ තිබේ.

කෙසේ වෙතත් මෙම වීසා දීර්ඝ කිරීම මෙරට සේවය කිරීම සදහා ලබාදෙන අවසර පත්‍රයක් නොවිය යුත් බවත් වීසා දීර්ඝ කිරීමේ කොන්දේසි කඩ කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය