සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ විනිමය උපයන ප්‍රමුඛතම අංශයකි. සංචාරක කර්මාන්තය විශේෂයෙන් ම මෙරට මිලියන තුනකට ආසන්න පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයයි. සංචාරක අංශය 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉහළම වටිනාකමක් ඇති අංශය බවට පත් කිරීම රජයේ දැක්මයි.

දශක කිහිපයක සිට ම ශ්‍රී ලංකාවට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් තිබුණේ නැත. සංචාරක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. මෙම සංචාරක ප්‍රතිපත්තිය තිරසාර සංචාරක කර්මාන්තයක් සහතික කිරීමේ අරමුණින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ සංවර්ධනයට  බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම කාර්යය සඳහා තාක්ෂණික සහාය සහ අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දී ඇත.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මස ආරම්භ වූ අතර ජාතික සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා අදාළ සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සංචාරක  අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ එක්ව රැස්වීම් කිහිපයක් පවත්වන ලදී. එයට පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා  ලබා ගැනීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම කෙටුම්පත අමාත්‍යාංශ වෙබ් අඩවියේ  නැවත වරක් පළ කරන ලදී.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය සකස් කර අවසන් කිරීමේ වැඩමුළුව 2022 ජනවාරි මස 21 වන දින ගාලු මුවදොර හෝටලයේ දී පවත්වන ලදී. අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, සංචාරක ආයතන, උපදේශක සභාව, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය, සංචාරක සංගම්, පෞද්ගලික අංශයේ සහභාගිවන්නන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් මෙම වැඩමුළුවට සහභාගි වූහ.

මෙහි දී අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත රොබට් ජුකාම් මහතා, ශ්‍රී ලංකා සහ මාලදිවයින් යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයේ ආයතනික ප්‍රධානී ජෙනී කොරියා නූන්ස් මෙනවිය වැඩමුළුව ඇමතූහ.

 

IMG 6701
51839995394 ffa8343b0e k
51840374775 eef8997219 k

IMG 6786
IMG 6815
IMG 6818

සංචාරක පුවත්

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය