මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ඊයේ (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964 කි. පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 96,507කි. වසර දෙකකට පසු මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව  වන්නේ එයයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මාර්තු මාසයේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 4,395 ක් වේ. රැසියානු සමූහාන්ඩුවෙන් සංචාරකයන් 3,094 පැමිණ ඇති අතර ජර්මනියෙන් සංචාරකයන් 2,240 ක්, ප්‍රංශයෙන් සංචාරකයන් 969 පැමිණ ඇත. පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා  සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ නව සංචාරක වෙළදපළ ඉලක්ක කෙරෙහි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මීට පෙර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය නොකළ රටවල් ගණනාවක් පිළිබද මේ වන විට අවධානය යොමුව ඇති බවත්, එම රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ද මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සදහා වසරේ දෙවන කාර්තුවේ දි ඇමෙරිකානු ඩොලර් බිලියන 56 ක් ලබාදීමට මුදල් අමාත්‍යාවරයා පසුගිය දා එකතගාවය පළ කර තිබිණි. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක වන බව ද ඇමතිවරයා කියයි.

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය