• කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ඇරඹේ....      
  • Raid Amazone ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බව ලොවට කියන තරඟාවලියක්.....

Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සදහා මෙරට තෝරා ගැනීම හරහා ශ්‍රී ලංකාව  සුරක්ෂිත රටක් බවට ලෝකයට පණිවිඩයක් ලබා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ අද (16) සීගිරියේදී ආරම්භ වුණු Raid Amazone ත්‍රාසජනක වැඩසටහනට එක් වෙමිණි.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සඳහා ක්‍රීඩිකාවන් 600දෙනෙකු සහභාගි වෙයි. අදියර දෙකක් යටතේ පැවැත්වෙන තරඟාවලියේ පළමු අදියර 14  වැනිදා සිට 22 වෙනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි අදියර මාර්තු 28 සිට අප්‍රේල්  6  වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  කවුඩුල්ල, මැදිරිගිරිය, වෑවල ,කන්ඩලම, සීගිරිය ,මහවිල්ගමුව ප්‍රදේශ ආශ්‍රිතව මෙම තරගාවලිය පැවැත්වෙයි.

තරගකාරිනියන් 253ක් සහ කාර්ය මණ්ඩලය 63ක් සහභාගීත්වයෙන් පළමු අදියර පැවැත්වෙන අතර දෙවන අදියර සඳහා තරඟකාරිනියන් 216 සහභාගි වෙයි. කාර්ය මණ්ඩලයේ 63ක් ඊට ඇතුලත් වෙති. කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍යවරුන්  06 දෙනෙක් සැපයුම් කාර්ය මණ්ඩලය ගලවාගැනීම් පිහිනුම් ක්‍රිඩකයින් ඡායාරූප සහ වීඩියෝ ශිල්පිහුද ඇතුලත් වෙති.

ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රිඩා තරඟමාලාවක් වන මෙම තරගාවලියට දිවීම, ඔරු පැදීම, මවුන්ටන් බයිසිකල් පැදීම, සිතියම් සහ මාලිමාවක් ආධාර කර ගිනිමින් රළු මාවතක් හරහා පයින් යෑම, දුන්නෙන් විදිම වැනි ක්‍රිඩා රැසක් ඊට ඇතුලත් වේ. මෙවර තරඟාවලියේ සත්කාරක ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් කටයුතු කරන අතර තේමා නිරූපකය වන්නේ සීගිරියයි. සීගිරිය බලකොටුවෙහි ආවේණික විශේෂාංග ඉස්මතුකරමින් විශේෂ නිල ඇදුමක් ද මේ සඳහා නිර්මාණය කර තිබේ. තරගාවලිය සදහා සහභාගී වන විදෙස් ක්‍රිඩිකාවන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් යානයක් අලංකරණය කර ඇත. 

සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසිය.

මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම සංචාරකයන් සදහා ශ්‍රීලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකයටම දෙන පණිවුඩයක්. ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලිය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ශනය කර ගැනීමටත්, යුරෝපයෙන් ඔබ්බට යමින් සංචාරකයන්ගේ අවධානය ශ්‍රීලංකාව වෙත දිනා ගැනීමටත් මෙවැනි වැඩසටහන් මගින් අවස්ථාව ලැබෙනවා.

රටේ පවතින යම් යම් අර්බුද තත්ත්වයන් සංචාරක ව්‍යාපාරයට බලපා තිබෙනවා. නමුත් එම අර්බුදවලට විසදුම් ලබා දෙමින් රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් අරන් තියෙන්නේ. මේ නිසා සංචාරක ව්‍යාපාරයට ගැටළු ඇති වෙන්නේ නැහැ. සංචාරකයින්ගේ ගමනාගමනය සඳහා යොදා ගන්නා වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් ඉවත් කරන්නයි ඉල්ලීම් කරලා තියෙනවා. මේ වන විටත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගවලට එළැඹිලා තියෙන්නේ.

පාස්කු ප්‍රහාරයත් ඉන් පසුව ඇතිවූ කොවිඩ් අර්බුදයත් එක්ක අපේ සංචාරක ව්‍යාපාරයට ඇද වැටුනු අවස්ථාවක සෞඛ්‍ය ක්‍රමවේද අනුව අපි රට විවෘත කළා. රට විවෘත කරලා මාස කිහිපයක් ඇතුළත අපිට පුළුවන් වුණා මාසයකට සංචාරකයින් ලක්ෂයක් මෙරටට පැමිණෙන තත්ත්වයකට රට ගේන්න.

අපි පහුගිය කාලයේදී ප්‍රංශයේ විදේශ සංචාරයක යෙදුනා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් අපි එක්ක එකතු වෙලා මේ තරඟාවලිය මෙරටට ලබා ගන්න කටයුතු කළා. මේ තරඟවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනිම සිදුවෙන්නේ වැඩසටහනක් පවත්වලා. ඒ වැඩසටහනේ දි ලංකාව සම්බන්ධයෙන් විශාල ප්‍රචාරණයක් සිදුවුණා.  අපි එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් කළා නම්  විශාල මුදලක් වැය වෙනවා. ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තෝරා ගැනීම නිසාත් අපිට ආදායම් ලැබෙනවා. මේ තරගාවලිය සඳහා ඇවිත් ඉන්නේ කාන්තාවන්. තව ටික දවසකින් ඔවුන්ගේ පවුල්වල අයත් පවුල් පිටින් මේ රටට එනවා.

ඒ වගේම රුසියානු හා යුක්රේන් යුධ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මැදපෙරදිග රටවලින් හා ඉන්දියාවෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වැනි රටවල් වල ප්‍රවර්ධන වැඩසටහන් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

raid2

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය