• කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු (smart) ගුවන් තොටුපළක් ලෙස ඩිජිටල් කරණයකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කමිටුවක්..
  • ජනවාරි මාසයේ සිට නියාමන ව්‍යාපෘතිය ඇරඹේ... තම සංචාරක ගමනාන්තවලදීම රැගෙන ආ භාණ්ඩ නිදහස් කරගැනීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවන නව ක්‍රමවේදයක්..
  • වසංගත රෝග සහ අනෙකුත් අවධානම් ලෙඩ රෝග ගුවන් තොටුපළ හරහා රට තුළට ඇතුළු වීම වැළැක්වීමට නවීන ක්‍රමවේදයක්...
  • තමන් කැමති සංචාරක ස්ථානය සහ ඊට අදාලව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් යානය කුමක්දැයි සංචාරකයින්ට ක්ෂණිකව හඳුනාගැනීමේ අවස්ථාව හිමිවන ප්‍රචාරණයක්...

 

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු (smart) ගුවන් තොටුපළක් ලෙස ඩිජිටල්කරණය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත්කෙරේ.සංචාරක අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය, ගුවන්තොටුපළ සංවර්ධන සහ අපනයන කලාප රාජ්‍ය අමාත්‍යාංශයත් ඊට අදාල අනෙකුත් ආයතන වල සාමාජිකයින් ද නියෝජනය වන පරිදි මෙම ඒකාබද්ධ කමිටුවක් පත් කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු( smart ) ගුවන්තොටුපළක්  බවට පත් කිරීමේ නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර ක්‍රියාකාරී සැලැස්මක් මත එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව ඊයෙ   ගුවන්තොටුපොළ පරිශ්‍රයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍ය ප්‍රසන්න රණතංග මහතා  අවධාරණය  කළේය.  මහා බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ බාලි දිවයින් වල දැනටමත් සුහුරු ගුවන්තොටුපල  ක්‍රියාත්මක වන අතර ඒ තුළින් ඇතිවන කාර්‍යක්ෂම තාවය වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට  සමත් වී තිබේ.නව ඩිජිටල් කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කටයුතු,  මගී මෙහෙයුම් කටයුතු සහ  භාණ්ඩ මෙහෙයුම් කටයුතු පවතින තත්ත්වයට වඩා තවත් ක්‍රියාකාරී ආකාරයට පවත්වාගෙන යාමට මගින් අපේක්ෂා කෙරෙයි.මීට අමතරව මේ තුළින් ආරම්භ කෙරෙන විශේෂිත වැඩපිළිවෙළක් ලෙස  සංචාරකයින් ලංකාවට රැගෙන එන බඩු භාණ්ඩ ලබාගැනීමට ගුවන්තොටුපළේදී වැඩිකාලයක් ගතකිරීම වෙනුවට ඔවුන්ගේ සංචාරක ගමනාන්තයන්හීදී එම භාණ්ඩ නිදහස් කරගත හැකිවන පරිදි  නවීන ව්‍යාපෘතියක් හඳුන්වා දීම කෙරෙහිද මෙම සාකඡ්චාවේදී අවධානය යොමු කෙරිණි.සුහුරු ගුවන්තොටුපළ වැඩසටහන යටතේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අතර  සෞඛ්‍ය දත්ත හඳුනා ගැනීමේ නවීන ක්‍රමවේදයක්  ස්ථාපිත කිරීම තුළින් ලෝක වසංගත රෝග සහ අනෙකුත් අවධානම් ලෙඩ රෝග බණ්ඩාරනායක ගුවන් තොටුපළ හරහා රට තුළට ඇතුළු වීම වැලැක්වීමට අපේක්ෂිතය. දැනටමත් මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන සංචාරකයින්ගේ දත්ත, සෞඛ්‍ය තත්වය, උෂ්ණත්වය පවා වාර්තා වන ආකාරයට එය ක්‍රියාත්මක වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය..  සුහුරු ගුවන්තොටුපල සංකල්පය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කර සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට පුරා ගුවන්තොටුපළ ඒකාබද්ධ වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පල කෙරෙන දැන්වීම් සහ තොරතුරු ඇතුළත් පිටු වල ගුවන් ගමන් වාර පිළිබඳ තොරතුරු ඇතුලත් කිරීම තුළින් තම සංචාරය සඳහා වෙන් කරගතයුතු ගුවන් වාරය කුමක්දැයි සංචාරකයින්ට සෘජුව දැනගත හැකිවන පරිදි නව ක්‍රමවේදයක් ද එක් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.ඒ අනුව ලෝකය පුරා විහිදී සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති සංචාරකයින්ට තම ගමනාන්තයත් සමගම තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් යානය කුමක්දැයි ක්ෂණිකව හඳුනාගැනීමට අවස්ථාව සැලසේ.මෙම සාකඡ්චාව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති අතර ඒ සඳහා ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්,හෙට්ටිආරච්චි, ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන අමාත්‍යංශ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ චන්ද්‍රසිරි,උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.

PSX 20210713 120004 1

சுற்றுலா அமைச்சின் செய்திகள்

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

எதிர்வரும் நிகழ்வுகள்

Exit
மாவட்டம்