• වසර දෙකකට පසු මසක සංචාරක පැමිණිම ලක්ෂය ඉක්මවයි...
  • මාර්තු 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 101,192 ක් දිවයිනට....
  • මේ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 280,000 ඉක්මවයි...

කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනනේ මාර්තු 01 වෙනිදා සිට ඊයේ (29) දක්වා මෙරටට  පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 101,192 ක් බවයි. වසර දෙකකට පසු මසකට මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව ද මෙයයි.

මේ වසරේ ජනවාරි 01 දා සිට ඊයේ දක්වා මෙරටට සංචාරකයන් 280,026 දෙනෙකු පැමිණ තිබේ. පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි. පසුගිය පෙබරවාරි මාසයේ දි සංචාරකයන් 96,507 කු මෙරටට පැමිණ තිබේ. පසුගිය වසරේ (2021) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි.

 මාර්තු මාසයේ පළමුවෙනිදා සිට මේ දක්වා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඉන්දියානු සංචාරකයන් 22,231 ක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 11,634 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 9,140 කි. රුසියානු සමුහානණ්ඩවෙන් සංචාරකයන් 8,716 ක් පැමීණ තිබේ. ප්‍රංශය, පෝලන්තය, ඇමෙරිකානු එක්සත් ජනපදය, කැනඩාව, කසකස්ථානය, ඉරානය මාර්තු මාසයේ දින 29 තුළ මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් වේ.

කොවිඩ් වසංගතයනේ පසු පසුගිය වසරේ ජනවාරි 21 වෙනිදා ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත විය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සහ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන්  මේ වන විට රටට ඉහළ සංචාරක ආකර්ෂණයක් ලැබී ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 2012 වසරෙන් පසු ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද වත්මන් රජය ආරම්භ කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබේ. පසුගිය කාලයේ දි රුසියාව, යුක්රේනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ඊට අමතරව Aero Flot, ප්‍රංශ ගුවන් සේවය වැනි ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරිමට ද පියවර ගත් බව ඇමතිවරයා පෙන්වා දෙයි. මත්තල ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි සක්‍රීය කෙරුණු අතර වසර 55 කට පසු රත්මලාන ගුවන් තොටුපළ නව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට ද කටයුතු කෙරිණි.  

ලෝක සංචාරක සංවිධානයේ සංචාරකයන් පැමිණිම් පිළිබද පුරෝකථනයන් මත පදනම් ව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2022-2025 කාල පරිච්ඡේදයට අදාළව සකස් කර ඇති සංචාරක පැමිණීම් පුරෝකථනයට අනුව මේ වසර අවසානය වන විට මිලියන 01 කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා  කෙරේ.. එමගින් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම ඇමෙරිකානු බිලියන 2.4 කි. එම ඉලක්කයට ළගාවිම සදහා රජය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ද සකස් කර ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි ග්‍රීෂ්ම සෘතු සංචාරක සමය ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවල්, එක්සත් ජනපදය සහ කැනඩාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

WhatsApp Image 2022 03 30 at 11.50.12

සංචාරක පැමිණිමේ වාර්තාව මෙතැනින් බලන්න.

News - Tourism

After the Storm, Sri Lanka Shines Again – Luxury Cruise Brings 2,000 Tourists to Colombo

Colombo, December 2, 2025 – In a powerful symbol of resilience and recovery, Sri Lanka today welcomed the luxury cruise ship Mein Schiff 06, operated by TUI Cruises, carrying more than 2,000 international passengers to the Colombo Port. This marks th

Continue Reading

Sri Lanka Tourism and Air Force Join Hands in Successful Tourist Rescue Mission

Sri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.

Continue Reading
Exit
District