• මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ....
  • ඒ වෙනුවෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමක්.....

මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා  මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.

ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හදුනා ගැනිම සදහා ද විශේෂ වැඩපීළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් සංතරණ ගණයට වැටෙන හා නොවැටෙන ආයෝජන අවස්ථා පිළිබද ව මෙහි දි අවධානය යොමු කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. මඩකලපුව ප්‍ර දේශයේ සංචාරක හෝටල්, සංචාරක ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරින් සමග මඩකලපුව ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් ද දැනටමත් ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතරවුණු යාපනය - කොළඹ සංවිධිත ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ එම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය