කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් මිලියන 81.64 ක මුදලක් වැය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් 4746ක් සඳහා රුපියල් 20,000 බැගින් හා රුපියල් 15,000 බැගින් ගෙවා ඇතැයිද ඇමතිවරයා කියයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට අඳාල දිමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන 186ක මුදලක්  සංචාරක සංවර්ධන අධිකාරිය මගින් වෙන් කෙරිණ. ඒ අනුව මේ වනවිට අධිකාරියේ  ලියාපදිංචි ජාතික මට්ටමේ හා පලාත් මට්ටමේ මාර්ගෝපදේශකයන් 2510ක් සඳහා රුපියල් 20,000 දීමනාව ලබා දී ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 47.10කි.පසුගිය ජූනි මස 30වනවිට මෙම පිරිස සඳහා අඳාල ගෙවීම් සිදුකර තිබේ. ඊට අමතරව පසුගිය ජූනි මස 30වන දින වනවිට ලියාපදිංචි සංචාරක රියදුරන් 2236කට රුපියල් 15,000 බැගින් වූ දීමනාව ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් වැය කල මුදල රුපියල් මිලියන 34.54කි.

කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ වුවද සංචාරක ක්ෂේත්‍රය යලි නංවාලීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ප්‍රධාන කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තයට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කල බවද පෙන්වා දෙයි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන වල ලියාපදිංචි ගාස්තු කපා හැරිණ. සංචාරක හෝටල් වල නිරෝධායන පහසුකම් හා අතරමැදි සහන මධ්‍යස්ථාන පහසුකම් සැලසීම සඳහා කටයුතු කෙරුණු අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ණය සහන හා ලීසිං සහන ලබාදීමත් විදුලි හා ජල බිල්පත් පියවීම සඳහා සහන ක්‍රමවේද හඳුන්වා දීමටත් කටයුතු කෙරිණ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොසිටීම නිසා මෙම සහන ලබාගැනීමේදී ඇතැමුන්ට විවිධ ගැටලු මතුවූ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගැටලු මතුවූ අවස්ථා වලදී හැකි උපරිමයෙන් ඒවා විසඳීමට ද තමන් කටයුතු කල බවද අවධාරණය කලේය. කොවිඩ් වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම ලෝකයේ හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බවද එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කලේය.

සංචාරක පුවත්

Two young cricketers’ groups arrive from UK to reinforce travelers’ confidence in Sri Lanka as a safe and welcoming travel destination

Sri Lanka Tourism, in collaboration with Crusader Sports & Leisure Tours, has planned bring two groups of young cricketers in UK to in Sri Lanka consisting of a total of 86 members of both groups, on 12th and 14th December respectively. These inc

Continue Reading

SLTPB Hosts French Media Tour Featuring Rugby Legend Serge Betsen to Promote Sri Lanka Tourism

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) took a leading role in a initiative to showcase Sri Lanka as a premier tourist destination in France and Europe by hosting a dedicated media tour from France. The tour coincided with the visit of celebra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය