සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ. සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වනජීවි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සමග ඒකාබද්ධව මේ සදහා කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

සීගිරිය සංචාරක කළාපයේ ඊයේ (16) හදිසි නිරික්ෂණයක යෙදුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි. සීගිරිය පරිසර පද්ධතියට ගැටළුවක් ඇති නොවන ලෙස පානීය ජල පහසුකම් හා වැසිකිළි කැසිකිළි, වාහන නතර කිරීමේ ස්ථාන පහසුකම් පුළුල් කිරිමට සැලසුම් කර තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන සපයා ගැනීම සදහා විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින  බව ද ඇමතිවරයා මෙහි දි කීවේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සදහා සීගිරිය ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් පහසුකම් ඇති කිරිමට ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පැවසු ඇමතිවරයා සීගිරිය සංචාරක කළාපය ආශ්‍රිතව පවතින සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු ද කඩිනමින් විසදීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද කීවේය.

 

sigiri

සංචාරක පුවත්

Sri Lanka welcomes the Two millionth tourist with the best of hospitality

Sri Lanka created another important milestone in its tourism calendar, by welcoming the much awaited the two millionth tourist arrival on the 17th of November 2025. According to Sri Lanka Tourisms main target of achieving 2.5 mn tourist arrivals, th

Continue Reading

Sri Lanka Showcases its Tourism Potential at TTG Travel Experience 2025 | Rimini, Italy | 8–10 October 2025

Sri Lanka made a strong presence at the TTG Travel Experience 2025, Italy’s leading international travel and tourism fair, held from 8 to 10 October 2025 at the Rimini Expo Centre. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය