සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ. සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වනජීවි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සමග ඒකාබද්ධව මේ සදහා කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

සීගිරිය සංචාරක කළාපයේ ඊයේ (16) හදිසි නිරික්ෂණයක යෙදුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි. සීගිරිය පරිසර පද්ධතියට ගැටළුවක් ඇති නොවන ලෙස පානීය ජල පහසුකම් හා වැසිකිළි කැසිකිළි, වාහන නතර කිරීමේ ස්ථාන පහසුකම් පුළුල් කිරිමට සැලසුම් කර තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන සපයා ගැනීම සදහා විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින  බව ද ඇමතිවරයා මෙහි දි කීවේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සදහා සීගිරිය ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් පහසුකම් ඇති කිරිමට ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පැවසු ඇමතිවරයා සීගිරිය සංචාරක කළාපය ආශ්‍රිතව පවතින සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු ද කඩිනමින් විසදීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද කීවේය.

 

sigiri

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය