ශ්‍රී ලංකාවේ ජපන් සහයෝගිතා ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළි ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම” පිළිබඳ සම්මන්ත්‍රණයක් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2019 ජූලි මස 11 වන දින සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණය ආයතනය, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය හා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරගත චාරිකා මෙහෙයවන්නන්ගේ සංගමයේ   ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ පිරිසක් සහභාගී විය.

මෙම පූර්ණ සැසිවාරය ජපානයේ සංචාරක කාර්යාංශයේ සංචාරක පර්යේෂණ හා උපදේශණ සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි හා සංචාරක අර්බුද කළමනාකරණ අංශ ප්‍රධානි මසාටෝ ටකමට්ෂු මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද අතර සැසිවාරයේදී ලබාගත් දැනුම සහභාගී වූ සියලු දෙනාගේම ඇගයීමට ලක් විය.

IMG 7350

IMG 7356

IMG 7365

සංචාරක පුවත්

Sri Lanka Tourism shows its colors at the Embassy Festival in Hague, Netherlands

Sri Lanka Tourism, in collaboration with the Embassy of Sri Lanka in the Hague, had the opportunity of showing that it’s a travel destination visiting at least for once in a lifetime, which spread the island destinations ‘uniqueness all across the Eu

Continue Reading

Sri Lanka Tourism Showcases Strong Presence at JATA Tourism Expo 2025 in Nagoya, Japan

Sri Lanka Tourism successfully participated in the JATA Tourism Expo 2025, an international travel fair held from 25th to 28th September 2025 at the Aichi Sky Expo (Aichi International Exhibition Center) in Nagoya, Japan. As one of Asia’s premier tra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය